රත්ගම වෙඩි තැබීමක්

රත්ගම කන්දේගොඩ ප්‍රදේශයේදී ඊයේ (05) රාත්‍රී 7ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු රත්ගම පන්විල නව ජනපදය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

මොහු යතුරුපැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි අයෙකු වෙඩි තැබීම සිදුකර තිබේ.

වෙඩි වැදී තුවාල ලැබූ පුද්ගලයාට එරෙහිව ගාල්ල අධිකරණයේ මිනීමැරීමේ චෝදනා එල්ල වූ නඩු 3ක් ද විභාග වෙමින් ඇති බව වාර්තා වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?