කැනඩා රාජ්‍යය වෙත විදෙස්ගත කරන බව පවසා වංචා කිරීමේ අරමුණින් ව්‍යාජ ලෙස සකස් කරන ලද ව්‍යාජ වීසා ස්ටිකර් සන්තකයේ තබාගෙන මුදල් වංචා කළ සැකකරුවෙක් හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බම්බලපිටිය පොලිස්ථානයට ලද තොරතුරක් මත ඊයේ (25) මෙම සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 69ක් වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, සැකකාරියන් වයස අවුරුදු 26 හා 68 වයසේ පසුවන ගෝනගංආර සහ බොරැල්ල යන ප්‍රදේශවල පදිංචිකාරියන්.
එක් සැකකාරියක් විසින් කැනඩා රාජ්‍යයට යවන බවට බවසා රුපියල් 3,831,000 ක මුදලක් සහ රුපියල් 3,436,000ක මුදලක් වංචා කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම මොවුන් මෙවැනි තවත් අපරාධවලට සම්බන්ධවී ඇත්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.




