රට වටේ මුල්‍ය ආයතනවල සේප්පු කැඩූ හොරෙක් සමඟ කතුන් දෙදෙනෙක් අල්ලයි (ඡායාරූප)

විදුලියෙන් ක්‍රියාත්මක වන යන්ත්‍ර භාවිතා කරමින් මුල්‍ය ආයතනවල සේප්පු කඩා මුදල් සොරකම් කිරීමේ නිරත වූ සැකකරුවෙක් සහ ඊට අනුබල දුන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක්.

එම සැකකරුට සොරකම් සඳහා අනුබල දුන් බව කියන කාන්තාවන් දෙදෙනා කොතලාවල සහ පස්ගොඩ ප්‍රදේශවල පදිංචිකාරියන්ය.

සැකකරු ලබන 10 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමටත්, සැකකාරියන් දෙදෙනා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් හලාවත මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

පසුගිය ජනවාරි 30 වනදා රාත්‍රී හලාවත රාජ්‍ය මුල්‍ය ආයතනයකට ඇතුළු වී එහි සේප්පුව සිදුරු කර රුපියල් 709,093,9.66ක මුදලක් සොරකම් කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණා.

එම මුල්‍ය ආයතනයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ කොටස් ද සැකකරුවන් විසින් ගලවා ගෙන ගොස් තීබු බව සඳහන්.

මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කරන ලෙස පුත්තලම දිස්ත්‍රික්කය බාර නියෝජ්‍ය පොලිස්පති විසින් හලාවත සහ පුත්තලම කොට්ඨාසවල විශේෂ අපරාධ විමර්ශන අංශවලට නියෝග කර තිබෙනවා.

ඒ අනුව, පුත්තලම අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සැකකරු කොළඹ සිට හලාවතට පැමිණෙන බව කියන බස් රථය හදුනා ගෙන ඇති අතර එම බස් රථයේ සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක ඡායාරූපයක් ඇසුරින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබුණා.

සැකකරුව හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු භාවිතා කළ බව කියන ජංගම දුරකථන දෙකක තොරතුරු ද විමර්ශන නිලධාරීන් විසින් සොයා ගෙන තිබෙන අතර ඒ අනුව සිදුකරන ලද විමර්ශනයකින් පසුවයි පෙරේදා (03 ) සැකකරුව කොළඹ කොටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු විසින් කුරුණෑගල නගරයේ පවත්වා ගෙන යන රන් ආභරණ උගස් ගන්නා ස්ථානයක් බිද එහි තිබූ රුපියල් 190,000,00ක් වටිනා රන් ආභරණ ද සොරකම් කර ඇති බව හෙළිවී තිබෙනවා.

එම රන් ආභරණ සැකකරු විසින් කොළඹ ප්‍රදේශයේ රන් ආභරණ අලෙවිසල්වලට උකස් කර සහ අලෙවිකර ඇති බවට ද සඳහන්.

ගල්ගමුව ප්‍රදේශයේ අත් බෑග් අලෙවිසැලක් බිද එහි තිබූ රුපියල් 770,700 ක මුදලක් සොරකම් කිරීමක් ද කදාන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක යකඩ ගේට්ටුවක් ග්‍රීල් යන්ත්‍රයක් උපයෝගී කරගෙන කපා ඇතුළු වී රුපියල් 627,840ක් සැකකරු විසින් සොරකම් කර ඇති බව ද මේ වන විට අනාවරණය වී තිබෙනවා.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන ජංගම දුරකථන සමාගමක කාර්යාලයක් බිද එහි සේප්පුව කපා රුපියල් 280,784 ක මුදලක් සොරකම් කිරීම, ගල්ගමුව ප්‍රදේශයේ ජංගම දුරකතන අලෙවිසැලක් බිද 44,900 ක් වටිනා මුදල් සහ දේපල සැකකරු විසින් සොරකම් කර ඇති බව ද පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

එමෙන්ම සැකකරු විසින් මාවනැල්ල, වරකාපොල, හංවැල්ල, සීදූව, අනුරාධපුරය, යක්කල, නවගමුව, රත්නපුරය, අවිස්සාවෙල්ල, ඇහැලියගොඩ, කඩවත සහ යක්කල ප්‍රදේශවල ද මුල්‍ය ආයතන සහ වෙළදසැල් බිද මුදල් සොරකම් කිරීම් සිදු කර ඇති බවද පොලිසිය සඳහන් කරන අතර ඒ සම්බන්ධයෙන්ද විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.

සැකකරුට එරෙහිව තලංගම, කිරිබත්ගොඩ, දෙනියාය, කඩවත, කොල්ලුපිටිය, දෙහිවල සහ කොට්ටාව යන ප්‍රදේශවල අධිකරණයන් විසින් විවෘත වරෙන්තු 14 ක් නිකුත් කර ඇති බව ද විමර්ශන සිදුකරන නිලධාරීන් ප්‍රකාශ කළා.

සැකකරු විසින් කඳාන, කිරිබත්ගොඩ, පිළියන්දල, ජා ඇල, මහරගම, නවගමුව, බොරලැස්ස සහ දෙහිවල යන ප්‍රදේශවල සොරකම් සිදු කර ඇති බවට ඔහුගේ ඇඟිලි සළකුණු වාර්තා අනුව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු සොරකම් කරන මුදල් සියල්ල කැසිනෝ ක්‍රීඩාව සඳහා යොදවා ඇති බවත්, එක් කැසිනෝ ශාලාවක් ඔහුට විශේෂ සාමාජිකත්වයක් පිරිනමා ඇති බව ද සඳහන්.

දිවා කාලයේ නගරවල සැරිසරා කොල්ලකෑම සඳහා සුදුසු මුල්‍ය ආයතන සහ ව්‍යාපාරික ස්ථාන හදුනා ගන්නා සැකකරු එම ස්ථානවල ඇති ආරක්ෂාව සම්බන්ධයෙන්ද තොරතුරු සොයා බැලීම සිදු කර රාත්‍රී කාලයේ සොරකම් කිරීම් කර ඇති බව ද පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

සැකකරු විසින් සොරකම් සඳහා යොදා ගත් උපකරණ කීපයක්ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

03 1 scaled
01 2 1 scaled
02 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29