AFC Banner
AFC Banner
Empty Ad

රට පුරා එළවලු මිල ඉහළ ගියත් දඹුල්ලේ මිල මධ්‍යස්ථ මට්ටමක

රට පුරා එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගිය පසුබිමක දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියට 70ක් පමණ සපුරන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල මධ්‍යස්ථ මට්ටමක පවතින බවට වාර්තා වනවා.

දීවයිනේ බෝහෝ ප්‍රදේශවල දෙහි කිලෝව රුපියල් දහස ඉක්මවා අලෙවි කරන බවට වාර්තා වුවද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දහවල් වන විටත් දෙහි කිලෝ එකක තොග මිල පැවතියේ රුපියල් 350ක් ලෙසට බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගුණාත්මක භාවයෙන් වැඩි එළවළු සඳහා ඉහළ මිලක් ද ගුණාත්මකභාවයෙන් අඩු එළවළු සඳහා පහළ මිලක් ද පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයකු වන අයි .ජී. විජේරත්න මහතා සඳහන් කළා.

රට පුරා එළවලු මිල ඉහළ ගිය බවට මාධ්‍ය වාර්තා පළ වී ඇති පසුබිමක දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සති කිහිපයේම එළවළු මිලෙහි එතරම් වෙනසක් දක්නට නොලැබුණු අතර සිල්ලරට අලෙවි කරන කණ්ඩායම්වල මිල පිළිබඳව තොග ව්‍යාපාරිකයන්ට වගකීමක් දැරීමට නොහැකි බවයි ඔහු කියාසිටියේ.

අද අමු මිරිස් කිලෝවක් රුපියල් 1000ත් 1100ත් අතර මිලකටත් කැරට් කිලෝව රුපියල් 350 සිට 450 දක්වා මිලකටත් ලීක්ස් කිලෝවක් රුපියල් 200ක් 250ත් අතර මිලකටත් අලෙවි වී තිබෙනවා.

මේ දිනවල ලංකා ලොකු ලූණු කිලෝවක් රුපියල් 420කටත්, පතෝල කිලෝවක් රුපියල් 150සිට 180 දක්වා මිලකට ද, මෑ කරල් කිලෝවක් රුපියල් 100සිට ඉහළට අලෙවි කෙරෙන අතර බෝංචි කිලෝව රුපියල් 250 සිට 350 දක්වා මිල ගණන් යටතේ අලෙවි වන බවයි විජයරත්න මහතා පෙන්වා දුන්නේ.

අනෙකුත් සෑම එළවළු වර්ගයකම මේ හා සමාන මිල ගණන් පවතින බව ද ඔහු සඳහන් කළා.

ඉල්ලුම සැපයුම අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු අලෙවි වුව ද එළවළු මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට නොලැබීම පිළිබඳව කණගාටුවට පත්වන බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයා කියාසිටියේ.

කල්තබා ගැනීම සහ ගුණාත්මකභාවය අනුව මේ දිනවල එළවලු මිල තීරණය වන බවද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?