රට පුරා එළවලු මිල ඉහළ ගියත් දඹුල්ලේ මිල මධ්‍යස්ථ මට්ටමක

රට පුරා එළවළු මිල සීග්‍රයෙන් ඉහළ ගිය පසුබිමක දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් සියට 70ක් පමණ සපුරන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල මධ්‍යස්ථ මට්ටමක පවතින බවට වාර්තා වනවා.

දීවයිනේ බෝහෝ ප්‍රදේශවල දෙහි කිලෝව රුපියල් දහස ඉක්මවා අලෙවි කරන බවට වාර්තා වුවද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දහවල් වන විටත් දෙහි කිලෝ එකක තොග මිල පැවතියේ රුපියල් 350ක් ලෙසට බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

ගුණාත්මක භාවයෙන් වැඩි එළවළු සඳහා ඉහළ මිලක් ද ගුණාත්මකභාවයෙන් අඩු එළවළු සඳහා පහළ මිලක් ද පවතින බව ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයකු වන අයි .ජී. විජේරත්න මහතා සඳහන් කළා.

රට පුරා එළවලු මිල ඉහළ ගිය බවට මාධ්‍ය වාර්තා පළ වී ඇති පසුබිමක දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සති කිහිපයේම එළවළු මිලෙහි එතරම් වෙනසක් දක්නට නොලැබුණු අතර සිල්ලරට අලෙවි කරන කණ්ඩායම්වල මිල පිළිබඳව තොග ව්‍යාපාරිකයන්ට වගකීමක් දැරීමට නොහැකි බවයි ඔහු කියාසිටියේ.

අද අමු මිරිස් කිලෝවක් රුපියල් 1000ත් 1100ත් අතර මිලකටත් කැරට් කිලෝව රුපියල් 350 සිට 450 දක්වා මිලකටත් ලීක්ස් කිලෝවක් රුපියල් 200ක් 250ත් අතර මිලකටත් අලෙවි වී තිබෙනවා.

මේ දිනවල ලංකා ලොකු ලූණු කිලෝවක් රුපියල් 420කටත්, පතෝල කිලෝවක් රුපියල් 150සිට 180 දක්වා මිලකට ද, මෑ කරල් කිලෝවක් රුපියල් 100සිට ඉහළට අලෙවි කෙරෙන අතර බෝංචි කිලෝව රුපියල් 250 සිට 350 දක්වා මිල ගණන් යටතේ අලෙවි වන බවයි විජයරත්න මහතා පෙන්වා දුන්නේ.

අනෙකුත් සෑම එළවළු වර්ගයකම මේ හා සමාන මිල ගණන් පවතින බව ද ඔහු සඳහන් කළා.

ඉල්ලුම සැපයුම අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ එළවළු අලෙවි වුව ද එළවළු මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට නොලැබීම පිළිබඳව කණගාටුවට පත්වන බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ නියෝජිතයා කියාසිටියේ.

කල්තබා ගැනීම සහ ගුණාත්මකභාවය අනුව මේ දිනවල එළවලු මිල තීරණය වන බවද ඔහු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54