රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි – ජනපති

රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමඟ අද (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රි ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා කවුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයනවලට සම්බන්ධ රජයේ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා ඩිජිටල්කරණයේ වැදගත්කම පිළිබඳව ද කරුණු පැහැදිලි කෙරුණා.

බලශක්ති මිල සැලකිය යුතු මට්ටමකින් පහළ දැමීම, විදේශ අයෝජන ප්‍රවර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශය ලබා ගත හැකි පරිදි තානාපති සේවා ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු කරුණු පිළිබඳ රජයේ අවධානය යොමු ව ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මෙම සියලු අරමුණු ඉතා කෙටි කලක් තුළ ඉටු කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ පුළුල් දායකත්වය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉදිකිරීම්, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම්, මත්ස්‍ය අපනයන, තොරතුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණාභරණ, මුද්‍රණ, වීදුරු හා පිඟන් භාණ්ඩ, කුළුබඩු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපනයනකරුවන් මීට එක්ව සිටී අතර එක් එක් කර්මාන්තවලට අදාළව සහ පොදුවේ අපනයන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ හා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ ව ද කරුණු ඉදිරිපත් කෙරුණු බවයි වාර්තා වන්නේ.

අපනයන ආදායම් ඉහළ නංවා ගැනීමේ රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ආයෝජන ප්‍රවර්ධනය, නිසි නියාමනය, පර්යේෂණ හා සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, කර්මාන්තවල ඵලදායීතාව ඉහළ නැංවීම, වෙළෙඳපොළ ප්‍රවේශය ලබා ගැනීම, ඩිජිටල්කරණය මෙන්ම බදු සහන සැලසීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58