Empty Ad
AFC Banner
Empty Ad

රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණයි – ජනපති

රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවත්, ඒ වෙනුවෙන් මෙරට අපනයනකරුවන්ගේ පූර්ණ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ අපනයනකරුවන් සමඟ අද (29) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රි ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා කවුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා අපනයනවලට සම්බන්ධ රජයේ ආයතනවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා ඩිජිටල්කරණයේ වැදගත්කම පිළිබඳව ද කරුණු පැහැදිලි කෙරුණා.

බලශක්ති මිල සැලකිය යුතු මට්ටමකින් පහළ දැමීම, විදේශ අයෝජන ප්‍රවර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳපොළට ප්‍රවේශය ලබා ගත හැකි පරිදි තානාපති සේවා ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු කරුණු පිළිබඳ රජයේ අවධානය යොමු ව ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

මෙම සියලු අරමුණු ඉතා කෙටි කලක් තුළ ඉටු කර ගැනීම රජයේ අපේක්ෂාව බවත්, ඒ වෙනුවෙන් ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ පුළුල් දායකත්වය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉදිකිරීම්, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම්, මත්ස්‍ය අපනයන, තොරතුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණාභරණ, මුද්‍රණ, වීදුරු හා පිඟන් භාණ්ඩ, කුළුබඩු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපනයනකරුවන් මීට එක්ව සිටී අතර එක් එක් කර්මාන්තවලට අදාළව සහ පොදුවේ අපනයන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ හා ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ ව ද කරුණු ඉදිරිපත් කෙරුණු බවයි වාර්තා වන්නේ.

අපනයන ආදායම් ඉහළ නංවා ගැනීමේ රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ආයෝජන ප්‍රවර්ධනය, නිසි නියාමනය, පර්යේෂණ හා සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, කර්මාන්තවල ඵලදායීතාව ඉහළ නැංවීම, වෙළෙඳපොළ ප්‍රවේශය ලබා ගැනීම, ඩිජිටල්කරණය මෙන්ම බදු සහන සැලසීම පිළිබඳව ද අවධානය යොමු කෙරුණු බවයි වාර්තා වන්නේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති,ජනාධිපති කරන්නේමේ කරන්නේ මේ රටේ රෙද්ද කඩන එක
05:58
Video thumbnail
සදාකාලිකවම නිසල වූ පා.ම නුවන් කෝසලගේ මව රෝහලේ හඬා වැටෙයි
01:07
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරහදිසියේම අභාවප්‍රාප්ත වෙයි
01:06
Video thumbnail
🔴BREAKING NEWS... පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරඅභාවප්‍රාප්ත වෙයි
01:35
Video thumbnail
අනුර වික්‍රමසිංහගේ කෙරුවාව එළියට
10:40
Video thumbnail
එජාපයේ භූතයෝ දෙන්නෙක් ඉන්නවා - කියන්න කොන්දක් නැත්ද ?
10:39
Video thumbnail
පාතාලේ අයියලා යට ගහපු නීති විරෝධි බර අවි ලොට් එකක්ම අතේ මාට්ටු
03:20
Video thumbnail
හොරට අත්සන් කළේ මොන බම්බුවටද ? විමල් ආණ්ඩුවට සැරටම අමතපු ඇමතිල්ල
07:29
Video thumbnail
සුදා සල්ලි ගහලද ? මාලිමා රජය සුදාට එරෙහිව පරීක්ෂණ පටන් ගනියි
12:04
Video thumbnail
අපිලගේ සාදුට ප්‍රශ්නයක් - ජිනීවා මානව හිමිකම් කොමිසමටත් පැමිණිලි කරන්න යයි
04:18
<p>?</p>