AFC Banner
AFC Banner
Empty Ad

රට ගොඩනැඟීමට සියලු දෙනා ජනපතිට සහාය දෙන්න – ඉත්තෑපාන ධම්මාලංකාර නාහිමිගෙන් ඉල්ලීමක්

රට ගොඩනැඟීම වෙනුවෙන් ජනපතිගේ උත්සාහයට සියලු ජනතාව සහාය දිය යුතු බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහ නාහිමියන් පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (06) පස්වරුවේ උන්වහන්සේ බැහැදැකීමට කොට්ටාව – රුක්මලේ ධර්ම විජයාලෝක විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේ දී මහ නාහිමියන් මේ බව සඳහන් කර සිටියා.

එහිදී ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතව, ධම්මාලංකාර මහ නාහිමියන් මුණගැසී ආශිර්වාද ලබා ගත්තා.

තමන්ට කොතරම් පුද්ගලික පාඩු විඳීමට සිදුවුව ද රට හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවීම් සිදුකරන බවටත් නීතියට අනුව සියල්ල සිදුකිරීමට තමා කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එම අවස්ථාවේ දී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?