රට ගිය ලාංකිකයෝ විදේශිකයන්ගේ ගිණුම්වලින් කරන ජාවාරම

41 හැවිරිදි පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට කෝටියකට අධික මුදලක් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් අදාළ පුද්ගලයා ඊයේ (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ චාවකච්චේරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. විදේශ රටක සිට එක් කෝටි තිස් හතර ලක්ෂ විසිතුන් දහස් එකසිය අනුහතක (1,34,23197) මුදලක් මොහුගේ ගිණුමට ලැබී ඇති බවත් විදේශ රටක සිටින පුද්ගලයෙකුගෙන් මෙම ගිණුමට මුදල් ලැබී ඇති බවටත් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ.

මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ සිටින ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයින්, එරට පුද්ගලයින්ගේ ගිණුම්වලට අනවසරයෙන් පිවිස විද්‍යුත් මාධ්‍යයෙන් මෙරටට මුදල් එවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙවන් පැමිණිලි ගණනාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති අතර රුපියල් කෝටි 14කට අධික මුදලක් 2020 අවුරුද්දේ අප්‍රේල් සිට මේ දක්වා මෙරටට මුදල් එවා ඇති බවද ඒ මහතා සඳහන් කරනවා. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නිකවැරටිය ජන රැලිය
00:00
Video thumbnail
ඔබේ අනාගතය විනාශ කරපු මිනිස්සුන්ගෙන් අපි තමයි මේ රට බේරාගත්තේ
03:43
Video thumbnail
ජනාධිපතිතුමා නිකවැරටිය අමතන්න ගැම්මෙන් වේදිකාවට ගොඩවෙයි
01:55
Video thumbnail
අවුරුදු 2න් ඔක්කොම කරන්න බෑ - අපි ආණ්ඩුව ගත්තේ අවුරුදු 5කට
11:41
Video thumbnail
ජනතාව බයවෙලා අනවශ්‍ය ලෙස තෙල් ගන්න එපා - ඇතිවෙන්න දෙන්නේ නෑ
07:04
Video thumbnail
අනුර ලවා මහින්දගෙන් පළිගන්නවා - අනුරගේ ආණ්ඩුව සුද්දගේ ආණ්ඩුවට වඩා නරකයි
06:53
Video thumbnail
ඥානසාර හිමියන් නිදහස් කරන්න කියලා පානදුර මිනිස්සු අත්සන් තබයි
00:47
Video thumbnail
ජනාධිපතිතුමා, ඔයා බබා - සිවුරක් ගලවලා මුළු රටම කැලඹිලා
02:06
Video thumbnail
ලයිසන් එක ඉල්ලුවාම මට ග#න්න එනවා - මට ඕනේ මගේ ලයිසන් එක
02:13
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් මහ පාරේ ගිනිගෙන අළුවෙයි
01:43