AFC Banner
AFC Banner
Empty Ad

රට කාර්මික අංශයෙන් ඉදිරියට ගෙනියන හැටි ජනපති කියයි

ඉදිරියේ දී මෙරට තුළ කාර්මික අංශයේ ප්‍රවර්ධනය සඳහා සැලසුම් රැසක් වත්මන් ආණ්ඩුව සතුව පවතින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දී පැමිණ සිටි පිරිස අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ජනාධිපතිවරයා පැවසුවේ ණයදෙන රාජ්‍යයන් සමග කාර්මික අංශයේ දියුණුව වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම මෙරට සංවර්ධනය වෙනුවෙන් ගැනීමට ඉදිරියේ දී සාකච්ඡා පවත්වන බවයි.

තරගකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ ‘එන්ටර්ප්‍රයිස්’ ශ්‍රී ලංකා නම් ආයතනයක් නිර්මාණය කිරීම මෙම සැලසුම් අතර වනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවා.

‘අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය වීමේ දී නිෂ්පාදන ආර්ථිකයට ප්‍රධාන තැනක් හිමි වෙනවා.එහිදී නිර්මාණය වන ආර්ථිකය තරගකාරී මෙන් ම ඩිජිටල් ආර්ථිකයක් විය යුතුයි.ඒ වගේම කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය කරා ගමන් කිරීමේ දී හරිත ආර්ථිකයක් බවට ද අප පරිවර්තනය විය යුතුව තිබෙනවා.

මෙම රාමුව තුළ අප කටයුතු කළයුතුයි.එහිදී පළමු කාර්යය ලෙස අප දැනට තිබෙන කර්මාන්ත එම සැලසුම් ඔස්සේ ඉදිරියට ගෙන ආ යුතුයි. එක රැයකින් කිසිවෙකුට තරගකාරිත්වයක් ඇති කරන්න බැහැ. අපේ අසල්වාසි රට වන ඉන්දියාවේ මේ වන විට විශාල කර්මාන්ත දියුණුවක් සිදු වෙමින් තිබෙනවා. තමිල්නාඩු, තෙලගනා, ආන්ද්‍රා ප්‍රදේශවල එම දියුණුව ඇති ව තිබෙනවා. අපත් ඒ සමග සම්බන්ධ විය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමග මේ හා සම්බන්ධ ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පළමු ව සිදු කළ යුත්තේ කර්මාන්ත තරගකාරී තත්ත්වයට ගෙන ඒමයි. ඒ පිළිබඳ රජයෙන් ලබාදිය යුතු සියලු සහයෝගය ලබාදීමට පියවර ගෙන තිබෙනවා..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?