රට කාර්මික අංශයෙන් ඉදිරියට ගෙනියන හැටි ජනපති කියයි

ඉදිරියේ දී මෙරට තුළ කාර්මික අංශයේ ප්‍රවර්ධනය සඳහා සැලසුම් රැසක් වත්මන් ආණ්ඩුව සතුව පවතින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දී පැමිණ සිටි පිරිස අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ජනාධිපතිවරයා පැවසුවේ ණයදෙන රාජ්‍යයන් සමග කාර්මික අංශයේ දියුණුව වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම මෙරට සංවර්ධනය වෙනුවෙන් ගැනීමට ඉදිරියේ දී සාකච්ඡා පවත්වන බවයි.

තරගකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ ‘එන්ටර්ප්‍රයිස්’ ශ්‍රී ලංකා නම් ආයතනයක් නිර්මාණය කිරීම මෙම සැලසුම් අතර වනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවා.

‘‘අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය වීමේ දී නිෂ්පාදන ආර්ථිකයට ප්‍රධාන තැනක් හිමි වෙනවා.එහිදී නිර්මාණය වන ආර්ථිකය තරගකාරී මෙන් ම ඩිජිටල් ආර්ථිකයක් විය යුතුයි.ඒ වගේම කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය කරා ගමන් කිරීමේ දී හරිත ආර්ථිකයක් බවට ද අප පරිවර්තනය විය යුතුව තිබෙනවා.

මෙම රාමුව තුළ අප කටයුතු කළයුතුයි.එහිදී පළමු කාර්යය ලෙස අප දැනට තිබෙන කර්මාන්ත එම සැලසුම් ඔස්සේ ඉදිරියට ගෙන ආ යුතුයි. එක රැයකින් කිසිවෙකුට තරගකාරිත්වයක් ඇති කරන්න බැහැ. අපේ අසල්වාසි රට වන ඉන්දියාවේ මේ වන විට විශාල කර්මාන්ත දියුණුවක් සිදු වෙමින් තිබෙනවා. තමිල්නාඩු, තෙලගනා, ආන්ද්‍රා ප්‍රදේශවල එම දියුණුව ඇති ව තිබෙනවා. අපත් ඒ සමග සම්බන්ධ විය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමග මේ හා සම්බන්ධ ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පළමු ව සිදු කළ යුත්තේ කර්මාන්ත තරගකාරී තත්ත්වයට ගෙන ඒමයි. ඒ පිළිබඳ රජයෙන් ලබාදිය යුතු සියලු සහයෝගය ලබාදීමට පියවර ගෙන තිබෙනවා..” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14