රට කාර්මික අංශයෙන් ඉදිරියට ගෙනියන හැටි ජනපති කියයි

ඉදිරියේ දී මෙරට තුළ කාර්මික අංශයේ ප්‍රවර්ධනය සඳහා සැලසුම් රැසක් වත්මන් ආණ්ඩුව සතුව පවතින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයේ දී පැමිණ සිටි පිරිස අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

ජනාධිපතිවරයා පැවසුවේ ණයදෙන රාජ්‍යයන් සමග කාර්මික අංශයේ දියුණුව වෙනුවෙන් ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක් ම මෙරට සංවර්ධනය වෙනුවෙන් ගැනීමට ඉදිරියේ දී සාකච්ඡා පවත්වන බවයි.

තරගකාරී, ඩිජිටල්කරණය වූ හරිත ආර්ථිකයක් ප්‍රවර්ධනය කිරීම සඳහා නව වාණිජ බැංකුවක්, ආර්ථික කොමිෂන් සභාවක් සහ ‘එන්ටර්ප්‍රයිස්’ ශ්‍රී ලංකා නම් ආයතනයක් නිර්මාණය කිරීම මෙම සැලසුම් අතර වනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවා.

‘‘අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය වීමේ දී නිෂ්පාදන ආර්ථිකයට ප්‍රධාන තැනක් හිමි වෙනවා.එහිදී නිර්මාණය වන ආර්ථිකය තරගකාරී මෙන් ම ඩිජිටල් ආර්ථිකයක් විය යුතුයි.ඒ වගේම කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය කරා ගමන් කිරීමේ දී හරිත ආර්ථිකයක් බවට ද අප පරිවර්තනය විය යුතුව තිබෙනවා.

මෙම රාමුව තුළ අප කටයුතු කළයුතුයි.එහිදී පළමු කාර්යය ලෙස අප දැනට තිබෙන කර්මාන්ත එම සැලසුම් ඔස්සේ ඉදිරියට ගෙන ආ යුතුයි. එක රැයකින් කිසිවෙකුට තරගකාරිත්වයක් ඇති කරන්න බැහැ. අපේ අසල්වාසි රට වන ඉන්දියාවේ මේ වන විට විශාල කර්මාන්ත දියුණුවක් සිදු වෙමින් තිබෙනවා. තමිල්නාඩු, තෙලගනා, ආන්ද්‍රා ප්‍රදේශවල එම දියුණුව ඇති ව තිබෙනවා. අපත් ඒ සමග සම්බන්ධ විය යුතුයි. ඒ වගේම ලෝකයේ අනෙකුත් රටවල් සමග මේ හා සම්බන්ධ ව කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ නිසා පළමු ව සිදු කළ යුත්තේ කර්මාන්ත තරගකාරී තත්ත්වයට ගෙන ඒමයි. ඒ පිළිබඳ රජයෙන් ලබාදිය යුතු සියලු සහයෝගය ලබාදීමට පියවර ගෙන තිබෙනවා..” යනුවෙන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42