රට උච්චතම අවස්ථාව කරා – අධි අවදානම් දිස්ත‍්‍රික්ක 08ක් නම් කරයි..!

රෝග විද්‍යා අංශයේ වාර්තා අනුව මෙරට දිස්ත්‍රික්ක අටක දැඩි කොවිඩ් අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

දිනපතා කොවිඩ් රෝගීන් 100ට වඩා වාර්තා වන කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, ගාල්ල, නුවරඑළිය සහ මහනුවර, දිස්ත්‍රික්කවලත් දෛනිකව රෝගීන් 80ක් පමණ හමුවන රත්නපුර දිස්ත්‍රික්කයේත් මෙම අවදානම පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.

විශේෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ රෝගීන්ගේ විශාල වැඩිවීමක් ඉදිරියේ දී අපේක්‍ෂා කරන බව වෛද්‍යවරයා කීවේය.

වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විට කොවිඩ් තත්වයේ උච්චතම අවස්ථාවකට රට පත්ව ඇතැයි කී වෛද්‍යවරයා ඉදිරි සති කිහිපයේදී තවදුරටත් රෝගීන්ගේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවත් පනවනු ලබන සංචරණ සීමාවල ප්‍රතිඵල ලැබෙන්න තවත් සති කිහිපයක් ගතවනු ඇති බවත් සඳහන් කළේය.

සෞඛ්‍ය කාර්ය මණ්ඩල මේ වන විට උපරිම ධාරිතාවයෙන් හා කාර්යක්‍ෂමතාවයෙන් කටයුතු කරමින් සිටින බව කී ලේකම්වරයා එය ඉක්මවා ගියොත් ඉදිරියේ දැඩි අර්බුදකාරී තත්වයක් ඇතිවිය හැකි බව ද කීවේය.

ජනතා සහයෝගය නොමැතිව මෙය පාලනය කළ නොමැකි බව කී වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා වසංගතය පැතිරයන දිස්ත්‍රික්කවල මෙන්ම රටේම ජනතාව මේ ගැන අවදානයෙන් කටයුතු කළ යුතු බව ද ප්‍රකාශ කළේය.

මේ වන විට සෞඛ්‍ය කාර්ය මණ්ඩල පීඩාවට පත්වන අයුරින් රෝගීන් වැඩිවීම මෙන්ම සෞඛ්‍ය සේවකයින්ගේ පවුල්වල සාමාජිකයින් අතර කොවිඩ් ව්‍යාප්තවීම සිදුවෙමින් ඇතැයි ද සෙනාල් ප්‍රනාන්දු මහතා කීවේය.

එම කාර්ය මණ්ඩලවලට මානසික ඒකාග්‍රතාවයකින් කටයුතු කිරීමේ අවස්ථාව සැලසීමට නම් එන්නත්කරණයේදී ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද මූලිකත්වය දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව ද පැවසීය.

ලංකාදීපය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09