රට ඉඳන් ඇවිත් ගෙදර යද්දි පැහැරගත් පුද්ගලයාව STF එකෙන් බේරාගනියි

රුපියල් කෝටියක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීමට විදෙස්ගත ව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකු ව පැහැරගෙන ගොස් සිරකර තබා සිටියදී විශේෂ කාර් යය බලකායේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් නිරුපද්‍රිත ව මුදා ගැනීමට හැකි ව තිබෙනවා.

පැහැර ගැනීමට ලක් වූ තැනැත්තා කාලයක සිට කුවේට් රාජ්‍යයේ සේවය කර මෙරටට පැමිණ සිටි අයෙක් බවයි හෙළි ව ඇත්තේ.

එම පුද්ගලයාව පැහැර ගන්නා ලෙසට කුවේට් රාජ්‍යයේ පැහැර ගැනීමට ලක් වූ තැනැත්තා සේවය කළ ස්ථානයේ අයෙක් කොන්ත්‍රාත්තුව මෙරට සිටින පුද්ගලයින් සිව් දෙනෙකු වෙත ලබා දී ඇති බව ද හෙළි ව තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ඊ.පි.ඩි.එල්. ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) දින මාවතගම පොලිස් වසමේ රන්දෙනිය හන්දිය අසල දී වැටලීමක් සිදු කර සැකකරුවන් ද අත් අඩංගුවට ගෙන පැහැර ගැනීමට ලක් වූ තැනැත්තාව මුදා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයා එදින කුවේට් සිට දිවයිනට පැමිණ ඇති අතර හෙතෙම ගුවන් තොටුපොළේ සිට මාතලේ ප්‍රදේශයට ගමන් කරමින් සිටියදියි පැහැර ගැනීමට ලක් ව තිබෙනවා.

පසුව එම පුද්ගලයා ව නාරම්මල – මැදගොඩ වැව පාර ඉහළ රන්මුතුගල ප්‍රදේශයේ පාළු නිවසක රඳවා සිටියදියි විශේෂ කාර්‍ය්ය බලකාය විසින් බේරාගනු ලැබුවේ.

මෙම පුද්ගලයාව පැහැර ගත් සැකකරුවන් නාරම්මල හා කටුපොත යන ප්‍රදේශවල පදිංචි 31-39 යන වයස්වල පසුවන්නන්.

පැහැරගැනීම සඳහා යොදාගත් කැබ් රථය ද පොලිස් භාරයට ගැනුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?