රටේ සැබෑ තත්ත්වය ඉදිරියේදී හෙළි වේවි – PHI සභාපති රටට කියන කතාව

එළඹෙන 21 වනදා රට විවෘත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව ඉදිරි දින කිහිපයේදී ලැබීමට නියමිත PCR පරීක්ෂණ වාර්තා අධ්‍යයනය කිරීමෙන් පසු සිදුකරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

එමෙන්ම ඉදිරි දින කිහිපයේදී සිදු කරන අහඹු PCR ප්‍රතිඵල හරහා රටේ පවතින යථාර්තය අවබෝධ කර ගැනීමට හැකි වන බවද ඒ මහතා පැවසුවා

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා,

“සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිරෝධායනය සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා.

දැන් අපි පළමු පෙළ ආශ්‍රිතයින් දින 10කින් පසු PCR පරීක්ෂණයකට යොමු කරන්නේ නෑ.

දින 14කින් පසු ඇන්ටිජන් පරීක්ෂාවකට යොමු කරනවා. නෙගටිව් නම් අපි ඔවුන්ව නිදහස් කරනවා.

මෙහි විශේෂ වාසිය වන්නේ අහඹු PCR සංඛ්‍යාව ඉහළ දැමීමට හැකි වීමයි.ඒ නිසා අපි කියන්නේ ඉදිරි සංචරණ සීමා ගැන තීරණය ඒ අධ්‍යයනයෙන් පසුව ගැනීම අවශ්‍ය බවයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?