AFC Banner
Empty Ad
Empty Ad

රටේ මූල්‍ය පාලනය විධිමත් කිරීමට අද පාර්ලිමේන්තුවට අලුත් පනතක්

රටේ මූල්‍ය පාලනය තවදුරටත් විධිමත් කරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම පනත අද (25) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ පසුගිය වකවානුවේ රටේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයට මූල්‍ය විනය ලිහිල්වීම ද බලපෑ බවයි.

ඒ අනුව රටේ මූල්‍ය විනය ශක්තිමත් කරමින් මහ බැංකු පනත ,රාජ්‍ය ණය කළමනාකරණ පනත ආදී පනත් රාශියක් ගෙන ඒමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

රජයේ මුදල් වියදම් කිරීම පිළිබඳ ව වගකීම මෙම පනතේ මූලික හරය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දීර්ඝ කාලයක් තිස්සේ මුදල් රෙගුලාසි මගින් මූල්‍ය පාලන කටයුතු සිදු වූ බව ද පෙන්වා දුන්නා.

එම මූල්‍ය රෙගුලාසි ද වරින් වර වෙනස් වීමට ලක් ව, මූල්‍ය ප්‍රතිපත්ති දිසාව පමණක් ආවරණය වන පරිදි 2003 වසරේ දී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් ගෙන ආ බවයි අවධාරණය කර සිටියේ.

ඒ අනුව නව තාක්ෂණයට ගැලපෙන පරිදි, පෙර කී මූල්‍ය රෙගුලාසි හා මූල්‍ය පනත්වල යහපත් කරුණු සියල්ල ද එක්කොට මූල්‍ය පාලනයේ සියලු පැතිකඩ ආවරණය වන පදිරි මෙම නව පනත ගෙන ඒමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?