රටේ මූල්‍ය පාලනය විධිමත් කිරීමට අද පාර්ලිමේන්තුවට අලුත් පනතක්

රටේ මූල්‍ය පාලනය තවදුරටත් විධිමත් කරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වගකීම් පනත ව්‍යවස්ථාදායකයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම පනත අද (25) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ පසුගිය වකවානුවේ රටේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයට මූල්‍ය විනය ලිහිල්වීම ද බලපෑ බවයි.

ඒ අනුව රටේ මූල්‍ය විනය ශක්තිමත් කරමින් මහ බැංකු පනත ,රාජ්‍ය ණය කළමනාකරණ පනත ආදී පනත් රාශියක් ගෙන ඒමට කටයුතු කළ බව ද අමාත්‍යවරයා පවසා සිටියා.

රජයේ මුදල් වියදම් කිරීම පිළිබඳ ව වගකීම මෙම පනතේ මූලික හරය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, දීර්ඝ කාලයක් තිස්සේ මුදල් රෙගුලාසි මගින් මූල්‍ය පාලන කටයුතු සිදු වූ බව ද පෙන්වා දුන්නා.

එම මූල්‍ය රෙගුලාසි ද වරින් වර වෙනස් වීමට ලක් ව, මූල්‍ය ප්‍රතිපත්ති දිසාව පමණක් ආවරණය වන පරිදි 2003 වසරේ දී රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් ගෙන ආ බවයි අවධාරණය කර සිටියේ.

ඒ අනුව නව තාක්ෂණයට ගැලපෙන පරිදි, පෙර කී මූල්‍ය රෙගුලාසි හා මූල්‍ය පනත්වල යහපත් කරුණු සියල්ල ද එක්කොට මූල්‍ය පාලනයේ සියලු පැතිකඩ ආවරණය වන පදිරි මෙම නව පනත ගෙන ඒමට කටයුතු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14