රටේ මානව හිමිකම් ගැන පුළුල් දැක්මක් සහිත ව්‍යවස්ථා සංශෝධනයක් ඕන – විපක්ෂ නායක (වීඩියෝ)

අප රටේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මීට වඩා පුළුල් දැක්මකින් යුත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ පැමිණීමත් සමග අප රටේ මානව හිමිකම් ක්ෂේත්‍රය ගැන සංවාදයක් ඇති වන තිබෙන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මානව හිමිකම් ආරක්ෂා කිරීම ඉතාම වැදගත් බවත්, විශ්වීය මානව හිමිකම් ගැන ප්‍රකාශය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ගැන ප්‍රඥප්තිය, ආර්ථික සමාජීය අයිතින් ආරක්ෂා කරන ප්‍රඥප්තිය, කාන්ත ළමා හා ආබාධිත අයගේ අයිතිය රැකිම, ජනවාර්ගික වශයෙන් වෙනස් නොකර සිටිම, හිංසනයෙන් බැහැර වීම හා පාරිසරික අයිතින් සුරැකිම ආදී ලොවම පිළිගත් මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂ කරුණක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

මානව හිමිකම් සුරක්ෂා කිරීමට අතුරුදන් වුවන්ගේ කාර්යාලය, හානි පුර්ණ කර්යාලය, ජාතික සමගිය හා සංහිදියාව උදෙසා නිර්මාණය වු කාර්‍යාලය තුළින් පශ්චාත් යුද සමයේ සංහිඳියාව, මිත්‍රශීලීත්වය, එකමුතුභාවය සාක්ෂාත් කරලීමට පියවර ගණනාවක් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (24) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පාර්ලිමේන්තුවේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58