රටේ මානව හිමිකම් ගැන පුළුල් දැක්මක් සහිත ව්‍යවස්ථා සංශෝධනයක් ඕන – විපක්ෂ නායක (වීඩියෝ)

අප රටේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් මීට වඩා පුළුල් දැක්මකින් යුත් ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ පැමිණීමත් සමග අප රටේ මානව හිමිකම් ක්ෂේත්‍රය ගැන සංවාදයක් ඇති වන තිබෙන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මානව හිමිකම් ආරක්ෂා කිරීම ඉතාම වැදගත් බවත්, විශ්වීය මානව හිමිකම් ගැන ප්‍රකාශය, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් ගැන ප්‍රඥප්තිය, ආර්ථික සමාජීය අයිතින් ආරක්ෂා කරන ප්‍රඥප්තිය, කාන්ත ළමා හා ආබාධිත අයගේ අයිතිය රැකිම, ජනවාර්ගික වශයෙන් වෙනස් නොකර සිටිම, හිංසනයෙන් බැහැර වීම හා පාරිසරික අයිතින් සුරැකිම ආදී ලොවම පිළිගත් මානව අයිතිවාසිකම් සුරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ සුවිශේෂ කරුණක් බවත් විපක්ෂ නායකවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

මානව හිමිකම් සුරක්ෂා කිරීමට අතුරුදන් වුවන්ගේ කාර්යාලය, හානි පුර්ණ කර්යාලය, ජාතික සමගිය හා සංහිදියාව උදෙසා නිර්මාණය වු කාර්‍යාලය තුළින් පශ්චාත් යුද සමයේ සංහිඳියාව, මිත්‍රශීලීත්වය, එකමුතුභාවය සාක්ෂාත් කරලීමට පියවර ගණනාවක් ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (24) එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටර්ක් මහතා පාර්ලිමේන්තුවේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?