AFC Banner
Empty Ad
Empty Ad

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම ගැන ජනපති හා මහබැංකු අධිපති අතර සාකච්ඡාවක්

රටේ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් සහ මහ බැංකුවේ පවතින කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙම සාකච්ඡාව දෙපාර්ශ්වය අතර ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී සිදු කෙරුණු බවයි වාර්තා වන්නේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මීට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද එක් ව සිටි බවයි.

මෙම සාකච්ඡාවේ දී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර
ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සහ රටේ ආර්ථිකයට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?