Empty Ad
AFC Banner
Empty Ad

රටේ ආර්ථිකය මත සුව වන ළමා පිළිකා ගැන WHO වෙතින් අනාවරණයක්

ඉහළ ආදායමක් උපයන රටවල පිළිකා වැළඳුණු දරුවන්ගෙන් සියයට 80ක් පමණ සුව වන බවත්, අඩු සහ මැදි ආදායම් ලබන රටවල (LMIC) ජීවත් වන පිළිකා වැළඳුණු දරුවන්ගෙන් සියයට 30කටත් අවම ප්‍රමාණයක් සුවය ලබන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

පෙබරවාරි මස 04 වැනි දිනට යෙදී තිබුණු ලෝක පිළිකා දිනයට සමගාමී ව සිය නිල වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් (WHO) ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ළමා පිළිකා රෝගවලින් පීඩා විඳින දරුවන්ගේ ජීවිත රඳා පවතින්නේ ඔවුන් ජීවත් වන රට අනුව බවයි.

වැඩිහිටි පිළිකා මෙන් නොව ළමුන්ට ඇති වන පිළිකා සාමාන්‍ය පරීක්ෂණයකින් හඳුනාගත නොහැකි බව ද වාර්තා වනවා.

බොහෝ ළමා පිළිකා වර්ග සාමාන්‍ය ඖෂධ සහ ශල්‍යකර්ම මෙන් ම විකිරණ චිකිත්සාව ඇතුළු වෙනත් ප්‍රතිකාර ක්‍රම මගින් සුව කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි.

නමුත් අඩු හා මැදි ආදායම් ඇති රටවල පිළිකා රෝගය හේතුවෙන් පීඩා විඳින දරුවන්ගේ රෝග විනිශ්චය ප්‍රමාද වීම, රෝගය නිසි පරිදි හඳුනාගත නොහැකි වීම, ප්‍රතිකාර අත් හැරීම, අතුරු ආබාධ ආදිය මත බොහෝ ළමා මරණ සිදු වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

පිළිකා සෑම වයස් කාණ්ඩයක ම පුද්ගලයින් තුළ ඇති වන අතර ශරීරයේ ඕනෑම කොටසකට බලපෑම් කළ හැකියි.

එය ආරම්භ වන්නේ තනි සෛලවල ජානමය වෙනස් වීමකින් වන බවත්, එය පසුව බරින් වැඩි ගෙඩියක් දක්වා වර්ධනය විය හැකි බවත් වාර්තා වනවා.

ශරීරයේ අනෙකුත් කොටස් ආක්‍රමණය කර ප්‍රතිකාර නොකළහොත් වැඩිහිටි හෝ ළමා දෙපිරිසටම මරණය සිදු විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

කෙසේවෙතත් වැඩිහිටි පිළිකා නිර්මාණය වීමට හේතු ඇතත් මෙතෙක් ළමා පිළිකාවලට නිශ්චිත හේතුවක් හෝ එය වළක්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් ස්ථාපිත වී නැති බව ද වාර්තා වනවා.

ළමුන් තුළ පිළිකා ඉතා ස්වල්පයක් ඇති වන්නේ පාරිසරික හෝ ජීවන රටා සාධක නිසා බවත් එම පිළිකා වැළැක්වීමේ උත්සාහයන් දරුවා වැඩිහිටියෙකු ලෙස පරිවර්තනය වීමේ දී ඇතිවිය හැකි පිළිකා තත්ත්වයන් අවම කරගැනීමේ වැඩපිළිවෙළක් ගැන සිතා බැලිය යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - ධර්ම දේශනය සාකච්ඡාව
00:00
Video thumbnail
ආගම් හතරම විකුණමින් කරන මංකොල්ලයක් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
13:54
Video thumbnail
වෛද්‍යවරියගේ සිද්දියට අදාල සැකකරු පැය 48ක් රඳවා ප්‍රශ්න කිරීමට අවසර
04:46
Video thumbnail
නොවටිනා සිතුවිලි වලට වටිනාකම් දෙන්න යන්න එපා - ජීවිතේ වරදිනවා
03:40
Video thumbnail
🔴BOPATHA | මහර බන්ධනාගාරයේ සිරකරුවන් වෙනුවෙන් සිදුකළ විශේෂ බෝපත වැඩසටහන - කාව්‍යමය ධර්ම දේශනය
50:06
Video thumbnail
සසර කියන්නේ මොකද්ද? කුසල් කළොත් - ඔබත් රැකෙයි
02:26
Video thumbnail
රිලව් අපේ ආණ්ඩුව හදපු උන් නෙවෙයි - රනිල්ගේ ආණ්ඩුව තමයි හැදුවේ - මහාචාර්ය මන්ත්‍රීගේ සුපිරි කතාව
11:11
Video thumbnail
පව් කළාම ඉපදෙන්නේ නිරයේ - කල්‍යාණ මිතුරු ඇසුරක් ලැබුණොත් අපි වාසනාවන්තයි
03:02
Video thumbnail
මෙදා පොටේ නාමල්ට වැඩේ සෙට් වගේ - නුවර එළියේ පොහොට්ටු පිපෙයි
03:47
Video thumbnail
පෝය දවසේ බස් එකේ ජරමරේ - කොහොමද වලිය - ඉවර වෙනකම් බලන්න
04:20

?