රටේ ආර්ථිකය මත සුව වන ළමා පිළිකා ගැන WHO වෙතින් අනාවරණයක්

ඉහළ ආදායමක් උපයන රටවල පිළිකා වැළඳුණු දරුවන්ගෙන් සියයට 80ක් පමණ සුව වන බවත්, අඩු සහ මැදි ආදායම් ලබන රටවල (LMIC) ජීවත් වන පිළිකා වැළඳුණු දරුවන්ගෙන් සියයට 30කටත් අවම ප්‍රමාණයක් සුවය ලබන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

පෙබරවාරි මස 04 වැනි දිනට යෙදී තිබුණු ලෝක පිළිකා දිනයට සමගාමී ව සිය නිල වෙබ් අඩවියේ නිවේදනයක් නිකුත් කරමින් (WHO) ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ ළමා පිළිකා රෝගවලින් පීඩා විඳින දරුවන්ගේ ජීවිත රඳා පවතින්නේ ඔවුන් ජීවත් වන රට අනුව බවයි.

වැඩිහිටි පිළිකා මෙන් නොව ළමුන්ට ඇති වන පිළිකා සාමාන්‍ය පරීක්ෂණයකින් හඳුනාගත නොහැකි බව ද වාර්තා වනවා.

බොහෝ ළමා පිළිකා වර්ග සාමාන්‍ය ඖෂධ සහ ශල්‍යකර්ම මෙන් ම විකිරණ චිකිත්සාව ඇතුළු වෙනත් ප්‍රතිකාර ක්‍රම මගින් සුව කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතයයි.

නමුත් අඩු හා මැදි ආදායම් ඇති රටවල පිළිකා රෝගය හේතුවෙන් පීඩා විඳින දරුවන්ගේ රෝග විනිශ්චය ප්‍රමාද වීම, රෝගය නිසි පරිදි හඳුනාගත නොහැකි වීම, ප්‍රතිකාර අත් හැරීම, අතුරු ආබාධ ආදිය මත බොහෝ ළමා මරණ සිදු වන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

පිළිකා සෑම වයස් කාණ්ඩයක ම පුද්ගලයින් තුළ ඇති වන අතර ශරීරයේ ඕනෑම කොටසකට බලපෑම් කළ හැකියි.

එය ආරම්භ වන්නේ තනි සෛලවල ජානමය වෙනස් වීමකින් වන බවත්, එය පසුව බරින් වැඩි ගෙඩියක් දක්වා වර්ධනය විය හැකි බවත් වාර්තා වනවා.

ශරීරයේ අනෙකුත් කොටස් ආක්‍රමණය කර ප්‍රතිකාර නොකළහොත් වැඩිහිටි හෝ ළමා දෙපිරිසටම මරණය සිදු විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

කෙසේවෙතත් වැඩිහිටි පිළිකා නිර්මාණය වීමට හේතු ඇතත් මෙතෙක් ළමා පිළිකාවලට නිශ්චිත හේතුවක් හෝ එය වළක්වා ගැනීමට නිසි ක්‍රමවේදයක් ස්ථාපිත වී නැති බව ද වාර්තා වනවා.

ළමුන් තුළ පිළිකා ඉතා ස්වල්පයක් ඇති වන්නේ පාරිසරික හෝ ජීවන රටා සාධක නිසා බවත් එම පිළිකා වැළැක්වීමේ උත්සාහයන් දරුවා වැඩිහිටියෙකු ලෙස පරිවර්තනය වීමේ දී ඇතිවිය හැකි පිළිකා තත්ත්වයන් අවම කරගැනීමේ වැඩපිළිවෙළක් ගැන සිතා බැලිය යුතු බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04