රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට ඉඩ තබන්නේ නැහැ – ජනපති (වීඩියෝ)

රටේ අධ්‍යාපන ප්‍රතිපත්ති දේශපාලනයට යට කිරීමට හෝ එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීමට ඉඩ නොතබා එය එක් නීති රාමුවක් යටතට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ආර්ථික වශයෙන් කඩා වැටුණු ශ්‍රී ලංකාව යළි ගොඩනඟමින් සිටින මෙම අවස්ථාවේ රට ශීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට නම් නව අධ්‍යාපන ක්‍රමයක් කඩිනමින් රටට හඳුන්වා දිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ එප්පාවල සිද්ධාර්ථ මධ්‍ය මහා විද්‍යාලයේ 150 වන සංවත්සර උත්සවයට අද (07) පස්වරුවේ එක් වෙමින්.

අනාගතයේදී ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ලෝකයටම සරසවියක් වන ආකාරයෙන් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් කඩිනම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා එම වැඩපිළිවෙළ ආරම්භ කර ඉදිරියට ගෙන යා යුතු බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

විද්‍යාලයට වසර 150ක් සැපිරීමට සමගාමීව සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා.

එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලයට ප්‍රථම වරට ජනාධිපතිවරයෙක් පැමිණීම සනිටුහන් කරමින් ජනාධිපතිවරයා විසින් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තබනු ලැබුවා.

2021 උසස් පෙළ විභාගයේ දී විශිෂ්ටතා දැක්වූ විද්‍යාලයේ සිසුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු වු අතර අනතුරුව ආචාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද එක්වී තිබෙනවා.

විද්‍යාලයේ සිසුවෙකු විසින් නිර්මාණය කළ සමරු තිළිණයක් ද ජනාධිපතිවරයා වෙත පිළිගැන් වුණා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

අපේ රටට නව අධ්‍යාපන ක්‍රමයක අවශ්‍යතාව පවතිනවා. ඉදිරි වසර විස්සට, තිහට අදාළවන අයුරින් එම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. නව තාක්ෂණය , කෘතිම බුද්ධිය, අධ්‍යාපන විෂය ධාරාවන්ට එක් කළ යුතුයි.

ඒ වගේම 1989 දී ඇසෝසියට් උපාධි ක්‍රමය (Associate degree) හඳුන්වා දුන්නා. නමුත් එවකට එය ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැබුණේ නැහැ. මෙම උපාධි ක්‍රමය හඳුන්වා දුන්නේ රැකියා ඉලක්ක කර ගනිමිනුයි. එම ක්‍රමය නැවත හඳුන්වා දීමට මම බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාව ලෝකයට සරසවියක් විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය දේශපාලනයෙන් යට කරන්න ඉඩදෙන්නේ නැහැ. ඒ වගේම එක් එක් අමාත්‍යවරයාට අවශ්‍ය පරිදි එය වෙනස් නොකළ යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්තිය නීතිගත කරමින් එය එක් ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීම අපේ අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?