රටේ අත්‍යවශ්‍ය ඖෂධ 52ක් හිඟ බව සෞඛ්‍ය ඇමති ම කියයි – ජාතික රෝහලත් අනතුරේ

වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 52ක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

අද (08) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අත්‍යවශ්‍ය ඖෂධ 862ක් හඳුනාගෙන ඇති බවත්; ගිය වසර වන විට එම ඖෂධ වර්ග 250ක හිඟයක් පැවති බවයි.

මේ අතර රටේ මේ වනවිට උද්ගත ව ඇති සෞඛ්‍ය අර්බුදය සම්බන්ධයෙන් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අදහස් දැක්වූවා.

අද පැවති පාර්ලිමේන්තු විවාදයේ දී රටේ ඖෂධ වර්ග 52ක ඇති හිඟතාවක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අවධානය යොමු කෙරුණා.

එම ඖෂධ 52 සඳහා ආදේශක ඖෂධ මෙරට තුළ පවතින බවත් මින් ඇතැම් ඖෂධ ඇණවුම් කර ඇති බවත් එම ඇණවුම් මේ වනවිට ලැබෙමින් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ජීවිත ආරක්ෂක ඖෂධ සියල්ල රෝහල්වල පවතින අතර, ඖෂධ හිඟය ක්‍රමාණූකූලව අවම වී යන බැවින් ඉදිරියේ දී ඖෂධ හිඟය මග හැරී යනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

මේ අතර කොළඹ ජාතික රෝහලේ ස්කෑන් යන්ත්‍ර 04ක් අක්‍රීය මට්ටමේ පවතින බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

මෙලෙස අක්‍රීය ව ඇත්තේ CT ස්කෑන් යන්ත්‍ර 2ක් සහ MRI ස්කෑන් යන්ත්‍ර 2 ක් බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන් මෙන් ම රෝහල් කාර්‍යය මණ්ඩලය ද දැඩි ලෙස අපහසුතාවට පත් ව ඇති බවයි ඔවුන් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34