රටෙන් වැඩි කොටසකට අද රාත්‍රියේ ප්‍රබල අකුණු

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (28) මධ්‍යහන 12.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ, අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුර, උතුරු මැද සහ සබරගමුව යන පළාත් වලටත් හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට සවස් කාලයේ දී හෝ රාත්‍රියේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු අනතුරු ඇතිවීමේ හැකියාව පවතින බවයි දැනුම් දෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙන්නේ ප්‍රබල අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

1 3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?