AFC Banner
AFC Banner
Empty Ad

රටින් පිටවීම තහනම් කළ චීන කතක් මෙරටට රිංගීමට වෙර දැරීමේ දී අල්ලයි

චීන රජයෙන් රටින් පිටවීමේ තහනම් නියෝගයක් ද පනවා ඇති කාන්තාවක් මෙරට ආගමන හා විගමන පාලනාධිකාරියේ නිලධාරින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකාරිනියට එරෙහි ව ජාත්‍යන්තර පොලිසියේ ද චෝදනාවක් ගොනු වී ඇත්තේ අස්ථානගත වූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත ලේඛනය යටතේ බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ.

අදාළ සැකකාරී චීන ජාතික කාන්තාව ඊයේ රාත්‍රියේ දී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් මෙරටට පැමිණ තිබෙනවා.

53 හැවිරිදි වියෙහි පසුවන මෙම සැකකාරිනිය ව ඇය ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේදීමයි සිරභාරයට ගෙන ඇත්තේ.

ඇය රාත්‍රී 09.20 ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 213 දරන ගුවන් යානයෙන් මෙරටට ළඟා වී තිබෙනවා.

ඉන්පසුව ඇය මෙරටට ඇතුළු වීම සඳහා කටුනායක ගුවන් තොටුපොළෙහි ආගමන කවුළුව වෙත පැමිණ ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇය ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය ජාත්‍යන්තර පොලිසියේ සොරාගත් සහ නැති වූ ගුවන් ගමන් බලපත්‍ර දත්ත ලේඛනයෙහි ඇතුළත් එකක් බවටයි එම අවස්ථාවේ දී සනාථ වී ඇත්තේ.

ඉන්පසුව මෙම කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ප්‍රධාන ආගමන විගමන නිලධාරිවරයා විසින් කටුනායක ගුවන් තොටුපොළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ( Border Surveillance Unit ) නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

මෙම චීන ජාතික කාන්තාව විසින් ඉදිරිපත් කළ ගුවන් ගමන් බලපත්‍රය 2017 වසරේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ වෙනත් චීන ජාතික කාන්තාවකට අයත් එකක් බවත්, ඇයගේ එම ගුවන් ගමන් බලපත්‍රය ශ්‍රී ලංකා සංචාරය අතරතුර දී අස්ථාන ගත වී ඇති බවත්, ඉන්පසුව ඇය වෙනත් ගුවන් ගමන් බලපත්‍රයක් මෙරටින් ලබාගෙන සිය සංචාරය නිමා කර පිටවී ගොස් ඇති බවත් හෙළි ව තිබෙන්නේ වැඩිදුර විමර්ශන කටයුතුවලදීයි.

ආගමන විගමන නිලධාරීන් මෙම චීන ජාතික කාන්තාවගේ අත් බෑගය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ තිබී ඇයගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය තිබී සොයාගෙන තිබෙනවා.

ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කිරීමේ දී මෙම කාන්තාවට රටින් පිටවීමේ තහනම් නියෝගයක් චීනය විසින් පනවා ඇති බවයි හෙළි ව ඇත්තේ.

මෙම චීන ජාතික කාන්තාව අත්අඩංගුවට ගත් ආගමන විගමන නිලධාරීන්, ඇය ආපසු පිටුවහල් කිරීම සඳහා ඇය පැමිණි ගුවන් සේවයේ අදාළ ගුවන් යානය වෙත භාරදීමට පියවර ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?