රටින් පන්නන්න හැදූ රත්‍රං (ඡායාරූප)

ඉතා සූක්ෂම අන්දමින් රත්‍රං තොගයක් තම ශරීරයේ අභ්‍යන්තරයේ සඟවාගෙන විදෙස් ගතවීමට පැමිණි ගුවන් මඟියෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලාංකික ජාතිකයෙක් බවයි වාර්තා වුණේ.

මොහොමඩ් සිහාබ් නබුහාන් නැමැති මෙම පුද්ගලයා ඉතා සූක්ෂම ලෙස ඔහුගේ ශරීරය තුළ සඟවාගෙන රත්‍රං අඩංගු කැප්සුල් 03ක් මෙලෙස රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා.

මෙලෙස සැකකරුගේ ශරීරයේ අභ්‍යන්තරයෙන් සොයාගත් රත්‍රං අඩංගු කැප්සුල් තුනේ බර කිලෝග්‍රෑම් 1.28ක් වන අතර, ඒවා තුළ රත්‍රං ජෙල් අඩංගු බවයි රේගු නිලධාරීන් සඳහන් කළේ.

මෙම පුද්ගලයා ඊයේ (18) රාත්‍රියේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UK 132 ගුවන් යානයෙන් ඉන්දියාවේ මුම්බායි බලා යෑමට ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
6
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?