AFC Banner
AFC Banner
Empty Ad

රටවල් 50ක තානාධිපතිවරුන් විශේෂ දුම්රියකින් ඇල්ලට (ඡායාරූප සහ වීඩියෝ)

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින රටවල් 50ක තානාධිපතිවරුන් විශේෂ දුම්රියකින් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සංචාරයක නිරත වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම සංචාරය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබූ බවයි.

තානාධිපතිවරුන් රැගත් වයිස්රොයි විශේෂ දුම්රිය කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සංචාරය ආරම්භ කර ඇති අතර විශේෂ දුම්රිය අද නානුඔය දුම්රිය ස්ථානයේ ගාල් කර හෙට ඇල්ල දක්වා ගමන් කිරිමට නියමිතව තිබෙනවා.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සඳහා සංචාරක මණ්ඩලය, දුම්රිය දෙපාර්තුමේන්තුව සමග එක්ව මෙම සංචාරය සංවිධානය කර ඇතැයි සඳහන්.

මෙම විශේෂ දුම්රිය ධාවනය වූ උඩරට දුම්රිය මාර්ගයේ සෑම දුම්රිය ස්ථානයකම සහ දුම්රිය මාර්ගය දෙපස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණා.

https://www.youtube.com/watch?v=Q4oFa1h9o2g
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?