රටවල් 50ක තානාධිපතිවරුන් විශේෂ දුම්රියකින් ඇල්ලට (ඡායාරූප සහ වීඩියෝ)

ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව සිටින රටවල් 50ක තානාධිපතිවරුන් විශේෂ දුම්රියකින් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සංචාරයක නිරත වී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ මෙම සංචාරය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි පොලිස් ආරක්ෂාවක් ද යොදා තිබූ බවයි.

තානාධිපතිවරුන් රැගත් වයිස්රොයි විශේෂ දුම්රිය කොළඹ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සංචාරය ආරම්භ කර ඇති අතර විශේෂ දුම්රිය අද නානුඔය දුම්රිය ස්ථානයේ ගාල් කර හෙට ඇල්ල දක්වා ගමන් කිරිමට නියමිතව තිබෙනවා.

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම සඳහා සංචාරක මණ්ඩලය, දුම්රිය දෙපාර්තුමේන්තුව සමග එක්ව මෙම සංචාරය සංවිධානය කර ඇතැයි සඳහන්.

මෙම විශේෂ දුම්රිය ධාවනය වූ උඩරට දුම්රිය මාර්ගයේ සෑම දුම්රිය ස්ථානයකම සහ දුම්රිය මාර්ගය දෙපස දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණා.

https://www.youtube.com/watch?v=Q4oFa1h9o2g
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21