රටම කතා කරන, එක්ස්ප්‍රස් පර්ල් නැව විටින් විට ගිනි ගන්න හේතුව එළියට

කොළඹ වරායට වයඹ දෙසින් නැංගුරම් ලා තිබියදී ගිනි ගැනීමකට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුමට එක්වීම සඳහා නෞකාව හිමි සමාගමට අයත් තවත් ටග් යාත්‍රාවක් අද පස්වරුවේ ළගා වුණා.අදාළ ටග් යාත්‍රාව මගින් නෞකාවේ ගිනි නිවීමේ කටයුතු අඛන්ඩව සිදුකරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හට ගෙන ඇති ගින්න නිවීමේ කටයුතු අද දෙවන දිනට තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රා 3 ක්, මෙන්ම නාවික හමුදාවට අයත් ඩෝරා යාත්‍රාවක් එක්වී සිටිනවා.

අද දහවල් නෞකාවේ ගින්න දැඩි ලෙස ව්‍යාප්ත වු අතර පස්වරුවේ එය යම්තාක් දුරට පාලනය වුණා.

එසේම අද ශ්‍රි ලංකා වාරය අධිකාරිය, නාවික හමුදාව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සහ නැව් සමාගමේ මෙරට නියෝජිතයන් ඇතුළු කේෂ්ත්‍රයට ආදාළ පිරිසකගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡා 4 ක් පැවැත් වුණා.

ඒ ගිනි ගැනිමට ලක් වි ඇති නෞකාවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහායි.

එමෙන්ම, ගින්නෙන් සිදුවූ හානිය තක්සේරු කිරීම සඳහා නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායමක් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි නෞකාවේ දේශීය නියෝජිතයා ප්‍රකාශ කළේ.මෙරට සාගර කලාපයට සිදු වි ඇති හානි සොයා බැලිම සඳහා ගින්න හට ගත් නෞකාව අවට සාගරයේ ජල සාම්පල රැගෙන ඒම අද සිදු කෙරුණේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09