රටත් ජාතියත් සිසු දරුවනුත් මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් ගලවා ගත යුතුයි – විපක්ෂ නායක

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්බුද්ධ සාසනය සුරක්ෂිත කරන බව සඳහන් වුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායකවරයා පවසනවා.

විවිධ බාධා මධ්‍යයේ වුවද ප්‍රායෝගික බෞද්ධකම ඇති කිරීම යුගයේ අවශ්‍යතාව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ ඇති විහාරස්ථාන පද්ධතිය රැකගෙන ඒ හරහා සංස්කෘතිය ආරක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යුගයේ අවශ්‍යතාවක් බවත් ආගමික සිද්ධස්ථාන රැක ගන්නවා සේම මත්පැන්, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කරමින් වචනයේ පරිසමාප්තියෙන්ම සුචරිත ජන සමාජයක් බවට පත්කළ යුතු බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියෙ ඊයේ තන්තිරිමලේ රජමහාවිහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය සදහා සහභාගී වූ අවස්ථාවේ දීයි.

මත්රකුසා පාසල් දරුවන් පවා සීඝ්‍රයෙන් වෙලාගෙන ඇති බවත් එවන් මොහොතක මන්ත්‍රීවරුන්ගේ නිර්දේශයෙන් ගම් නියම්ගම් සිසාරා සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව බියර් බලපත්‍ර ලබාදීම කණගාටුවට කරුණක් බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

රජයට පවා බලපෑම් සිදු කරමින් අදාළ සමාගම් දුම්වැටි සහ මත්පැන් ව්‍යාප්තිය සිදු කරමින් යන අතර නීතිපති දෙපාර්තමේන්තුවටත් ඉහළින් යන මේ මහා බලවේගය තුරන් කල යුතු බවයි ඔහු කියාසිටියේ.

තිස්වසරක යුද්ධයෙන් පීඩා විඳි ආකාරයෙන් මේ වන විට මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් රට පීඩා විඳින අතර ඉන් රට ගලවාගත යුතු බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?