රටත් ජාතියත් සිසු දරුවනුත් මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් ගලවා ගත යුතුයි – විපක්ෂ නායක

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා සම්බුද්ධ සාසනය සුරක්ෂිත කරන බව සඳහන් වුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායකවරයා පවසනවා.

විවිධ බාධා මධ්‍යයේ වුවද ප්‍රායෝගික බෞද්ධකම ඇති කිරීම යුගයේ අවශ්‍යතාව බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රටේ ඇති විහාරස්ථාන පද්ධතිය රැකගෙන ඒ හරහා සංස්කෘතිය ආරක්ෂා කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම යුගයේ අවශ්‍යතාවක් බවත් ආගමික සිද්ධස්ථාන රැක ගන්නවා සේම මත්පැන්, දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කරමින් වචනයේ පරිසමාප්තියෙන්ම සුචරිත ජන සමාජයක් බවට පත්කළ යුතු බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ඔහු මේ බව කියා සිටියෙ ඊයේ තන්තිරිමලේ රජමහාවිහාරයේ වාර්ෂික කඨින පූජෝත්සවය සදහා සහභාගී වූ අවස්ථාවේ දීයි.

මත්රකුසා පාසල් දරුවන් පවා සීඝ්‍රයෙන් වෙලාගෙන ඇති බවත් එවන් මොහොතක මන්ත්‍රීවරුන්ගේ නිර්දේශයෙන් ගම් නියම්ගම් සිසාරා සංචාරක කර්මාන්තය ප්‍රචලිත කිරීමේ අරමුණ පෙරදැරිව බියර් බලපත්‍ර ලබාදීම කණගාටුවට කරුණක් බව ද විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

රජයට පවා බලපෑම් සිදු කරමින් අදාළ සමාගම් දුම්වැටි සහ මත්පැන් ව්‍යාප්තිය සිදු කරමින් යන අතර නීතිපති දෙපාර්තමේන්තුවටත් ඉහළින් යන මේ මහා බලවේගය තුරන් කල යුතු බවයි ඔහු කියාසිටියේ.

තිස්වසරක යුද්ධයෙන් පීඩා විඳි ආකාරයෙන් මේ වන විට මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදයෙන් රට පීඩා විඳින අතර ඉන් රට ගලවාගත යුතු බව ද විපක්ෂ නායකවරයා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17