AFC Banner
Empty Ad
Empty Ad

රටට එරෙහිව චැනල් 4 සැකසූ වැඩසටහනට ආණ්ඩුවේ ඉහළ නිලධාරියෙකුත් පෙනී ඉඳලා – ගම්මන්පිල (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රටට එරෙහිව බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාව සැකසූ වාර්තාමය වැඩසටහන සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ‘ඉමාම් කමිටු’ වාර්තාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රසිද්ධියට පත් කළා.

ඒ, අද (28) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින්.

මෙම මාධ්‍ය හමුවේදී උදය ගම්මන්පිල හිටපු මන්ත්‍රීවරයා චෝදනා කළේ රටට එරෙහිව චැනල් 4 නාළිකාව සැකසූ වාර්තාමය වැඩසටහනට; මේ වනවිට ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරන නිලධාරියෙක් ද පෙනී සිටි බවයි.

එය අදාළ ‘ඉමාම් කමිටු’ වාර්තාවේ ද දැක්වෙන බව මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

මුහුණ සඟවමින් රටට එරෙහිව මෙලෙස කරුණු දැක්වූ විශ්‍රාමික නිලධාරියා කවුරුන් ද යන්න සොයා ගැනීමට කමිටුවක් පත්කළ යුතු බවයි හිටපු මන්ත්‍රීවරයා මෙහිදී රජයට පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?