AFC Banner
Empty Ad
Empty Ad

රටක දියුණුව රැඳෙන්නේ ප්‍රවාහනය මතයි – සාගලගෙන් ප්‍රකාශයක්

රජයක දියුණුව රඳා පවතින්නේ රටක ප්‍රවාහනයේ දියුණුව මත බව ජනාධිපති කාර්‍යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පවසනවා.

අද (27) මහවැලි කේන්ද්‍රයේ දී සමස්ත ලංකා ඒකාබද්ධ ප්‍රවාහන සමිති මධ්‍යස්ථානයේ පස්වන සංවත්සරය සැමරීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ජනතාවට විශාල වශයෙන් ප්‍රශ්න ඇති බවත්; වැඩිවුණු ජීවන වියදම මෙතෙක් පහත නොවැටුණු බවත් සාගල රත්නායක මෙහිදී සඳහන් කළා.

පැවති තත්ත්වයන් සමග සෑමදෙනෙකුට ම කැප කිරීම් සිදු කිරීමට සිදු වූ බවත්; පාලනයේ තිබූ දුර්වලතා හඳුනාගනිමින් ඒවා සකස් කරගෙන ඉදිරි ගමනක් යාමට අවශ්‍ය බවත් පැවසූ සාගල රත්නායක කියා සිටියේ; ඉන් පසුව වේගයෙන් ආර්ථික දියුණුවක් කරා යාමට අවශ්‍ය බවයි.

ප්‍රවාහන නියාමන පනතක් ගෙනැවිත් එය නවීකරණය විය යුත්තු නව සංශෝධන සමගින් බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?