AFC Banner
Empty Ad
Empty Ad

රජරට රැජිණගේ ගැටුණු ලොරිය – අයෙක් මරුට – කෙනෙක් රෝහලට

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහ ඉඳුරුව දුම්රිය ස්ථානය අසල සුදු වැලි පොත දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර අද (19) පෙරවරු 11.45ට පමණ සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සුදු වැලිපොත ප්‍රදේශයේ සිට රත්මලාන බලා ගමන් ගත් කුරුඳු දර පැටවූ කුඩා රථයක් මාතර සිට මහව බලා ගමන් ගත් රජරට රැජිණ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලොරි රථයේ ගමන් ගත් අයෙක් වන අතර තවත් අයෙක් බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක සිට දුම්රිය සංඥා පුවරුව අක්‍රීය වීම හේතුවෙන් ඒ පිළිබඳ ව ද දැනුම්වත් කිරීමක් අදාළ ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබුණ ද රියදුරන් ඒ පිළිබඳ ව එතරම් තැකීමක් සිදු නොකරන බවයි.

පසුගිය මාසයේ දී ද ජීප් රථයක් මෙම ස්ථානයේ දී ම දුම් රියේ ගැටුණු බවට ද ප්‍රදේශවාසීන් පැවසූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?