රජරට රැජිණගේ ගැටුණු ලොරිය – අයෙක් මරුට – කෙනෙක් රෝහලට

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මහ ඉඳුරුව දුම්රිය ස්ථානය අසල සුදු වැලි පොත දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුර අද (19) පෙරවරු 11.45ට පමණ සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

සුදු වැලිපොත ප්‍රදේශයේ සිට රත්මලාන බලා ගමන් ගත් කුරුඳු දර පැටවූ කුඩා රථයක් මාතර සිට මහව බලා ගමන් ගත් රජරට රැජිණ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලොරි රථයේ ගමන් ගත් අයෙක් වන අතර තවත් අයෙක් බරපතළ තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

කෙසේවෙතත් ප්‍රදේශවාසීන් පවසන්නේ කාලයක සිට දුම්රිය සංඥා පුවරුව අක්‍රීය වීම හේතුවෙන් ඒ පිළිබඳ ව ද දැනුම්වත් කිරීමක් අදාළ ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබුණ ද රියදුරන් ඒ පිළිබඳ ව එතරම් තැකීමක් සිදු නොකරන බවයි.

පසුගිය මාසයේ දී ද ජීප් රථයක් මෙම ස්ථානයේ දී ම දුම් රියේ ගැටුණු බවට ද ප්‍රදේශවාසීන් පැවසූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58