AFC Banner
AFC Banner
Empty Ad

රජයේ සැප වාහන ගැන කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්

රාජ්‍ය ආයතන වල පවතින අති සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව සියලුම රාජ්‍ය ආයතනවල පවතින වාහන පිළිබඳව විධිමත් අධ්‍යනයක් සිදුකිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමුව ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.

එම අධ්‍යනයෙන් පසු පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800cc වැඩි වාහන සහ ඩීසල් එන්ජින් ධාරිතාව 1300cc වැඩි (ඩබල් කැබ්, සිංගල් කැබ්, වෑන් රථ, බස්රථ හැර) අනෙකුත් වාහන 2025 මාර්තු මස 01 වනදාට පෙර අපහරණය කිරීමටත්, ඒ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය වෙත වාර්තා කිරීමටත්, චක්‍රලේක සහ උපදෙස් නිකුත් කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයා වෙත බලය පැවරීමටත් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව මෙම අති සුඛෝපභෝගී වාහන පිළිබඳව මහා භාණ්ඩාගාර විසින් ඉදිරිපත්කරන යෝජනාව අනුව කටයුතු කරන බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා අද (03) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?