රජයේ සත්ත්ව සංගණනයේ ප්‍රතිඵල ඉදිරියේදී

රජය විසින් පසුගිය දා ක්‍රියාත්මක කරනු ලැබූ වනජීවී සත්ත්ව සංගණනයෙන් ලබා අගත තොරතුරු මත පදනම්ව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩි ලාල්කාන්ත පවසනවා.

මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ වනජීවී කළමනාකරණය යනුවෙන් සංකල්පයක් නොතිබූ අතර එලෙස වනජීවී කළමනාකරණයක් ගොඩ නගා ගැනීමටනම් නම් සත්ත්ව සංගණනයක් අවශ්‍ය බවද එම නිසා සත්තව සංගණනය සිදු කළ බවද ඔහු පවසා සිටියා.

ඒ අනුව එම සංගණනය මඟින් ලබාගත් දත්ත පදනම්ව මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය මූලික කරගනිමින් කාර්ය සාධන බලකායක් ද පත් කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කළේ.

රිලා සත්ත්වයන් පිළිබද ගැටලුව විසඳා ගැනීම සඳහා එම සත්තවයින් වෙනත් ප්‍රදේශ වලට පලවා හැරීම, නාගරික කළමනාකරණය වැනි විවිධ ක්‍රම අනුගමනය කිරීමට සිදු වන බවත්, එවැනි ක්‍රමවේදයන් ඔස්සේ පිළිතුරු සෙවීම ආරම්භ කර තිබෙන බවත්, එය විශාල කටයුත්තක් බවත් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?