රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.
ඒ, අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය සඳහන් කළේ.
1.සායන හා බාහිර රෝගී ප්‍රතිකාර එක්ක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල් වලින් මිල දී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම.
2.රෝහල් පද්ධතිය තුල සිදු නොකරන රසායනාගාර පරීක්ෂණ රෝගීන්ට පිටතින් සිදුකර ගැනීමට නිර්දේශ නිකුත් නොකිරීම.
3.අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව නොමැති නම් රෝහල් තුළ නව ඒකක පිහිටුවීමට අවස්ථාව නොදීම.
4.රෝහල් පද්ධතියෙන් බාහිරව සිදුකරන සෞඛ්‍ය කඳවුරු සහ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් යෙදවීමක් නොකිරීම සහ සහයෝගය නොදැක්වීම.
- රෝහල්, සායන සහ බාහිර ප්‍රතිකාර එක්කවල රෝගීන් පරික්ෂා කිරීමට වෛද්‍යවරයාට සහායකයෙක් ලබා නොදෙන්නේ නම් වෛද්‍යවරු එම ස්ථානවල සේවය නොකර ඉවත්වීම. යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05 ඔස්සේ මෙම වර්ජනය රජයේ වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරනවා.
මේ අතර එම සංගමය සඳහන් කළේ අනිද්දා (28) දිනයේ කැඳවන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ දී ඉදිරියට ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවයි.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙනවා නම් හෝ රෝගී සත්කාර සේවාවන් බිඳ වැටෙනවා නම් එහි සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය භාරගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.



