රජයේ වෛද්‍යවරු අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අරඹයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (26) පෙරවරු 8.00 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා.

ඒ, අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05ක් ඔස්සේ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම සංගමය සඳහන් කළේ.

1.සායන හා බාහිර රෝගී ප්‍රතිකාර එක්ක තුළ නොමැති ඖෂධ පිටත ඔසුසැල් වලින් මිල දී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම.

2.රෝහල් පද්ධතිය තුල සිදු නොකරන රසායනාගාර පරීක්ෂණ රෝගීන්ට පිටතින් සිදුකර ගැනීමට නිර්දේශ නිකුත් නොකිරීම.

3.අනුමත වෛද්‍යවරු සංඛ්‍යාව නොමැති නම් රෝහල් තුළ නව ඒකක පිහිටුවීමට අවස්ථාව නොදීම.

4.රෝහල් පද්ධතියෙන් බාහිරව සිදුකරන සෞඛ්‍ය කඳවුරු සහ සායනවලට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් යෙදවීමක් නොකිරීම සහ සහයෝගය නොදැක්වීම.

  1. රෝහල්, සායන සහ බාහිර ප්‍රතිකාර එක්කවල රෝගීන් පරික්ෂා කිරීමට වෛද්‍යවරයාට සහායකයෙක් ලබා නොදෙන්නේ නම් වෛද්‍යවරු එම ස්ථානවල සේවය නොකර ඉවත්වීම. යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග 05 ඔස්සේ මෙම වර්ජනය රජයේ වෛද්‍යවරුන් ක්‍රියාත්මක කරනවා.

මේ අතර එම සංගමය සඳහන් කළේ අනිද්දා (28) දිනයේ කැඳවන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ දී ඉදිරියට ගනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳ අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවයි.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටෙනවා නම් හෝ රෝගී සත්කාර සේවාවන් බිඳ වැටෙනවා නම් එහි සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශය සහ රජය භාරගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ.

  1. 1. පිටින් බෙහෙත් ගන්නෙ මොකටද?. මේ ආණ්ඩුව බෙහෙත් ඕනෑ තරමට සපයනවා.
    2. Tropanin i ටෙස්ට් එක නම් සමහර රෝහල්වල වැරදියි. ඒක හරියට නොකලොත් රෝග විනිශ්චය වැරදිලා රෝගියා මැරෙන්න ඉඩ තියෙනවා.
    3. වැදගත් නැත.
    4. කාලීනව වැදගත් නැත.
    5. සුලු සේවකයින්ගේ අතිරික්තය ක් ඇත. නමුත් ඔවුන්ගෙන් වැඩ ගැනීම පහසු නැත. මගේ අත්දැකීම අනුව පුද්ගලික රෝහලක එක සුලු සේවකයෙක් කරන වැඩ ප්‍රමාණය කිරීමට රජයේ රෝහල් සුලු සේවකයන් 10 අවශ්‍යයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22