logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

රජයේ විධායක නිලධාරීන්ගේ පළමු දිනට ලෙඩවෙයි – වැටුප් විෂමතා සොයන කමිටුවත් අද රැස්වේ (වීඩියෝ)

රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අසනීප නිවාඩු වාර්තා කිරීමේ දෙදින වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (25) ආරම්භ කළා.

මේ අතර අධ්‍යාපන අනධ්‍යන සේවාවට ජාති ප්‍රතිපත්තියක් සකස් කිරීම හා සිය ගැටලුව විසදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අධ්‍යාපන අනධ්‍යන සේවකයින් දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (25) දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි.

එමෙන්ම ගුරුවරුන් ගුරු විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන්, පිරිවෙන් ගුරුවරු ඇතුළු අධ්‍යාපන පද්ධතියේ සියලු නිලධාරින් හෙට (26) ලෙඩ නිවාඩු වාර්තා කරන බව ගුරු විදුහල්පති සන්ධානය පවසනවා.

මේ අතර විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

ඒ, අනුව විශ්ව විද්‍යාල අවට ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති අයුරු දක්නට ලැබුණා.

මේ අතර ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් අද (25) පස්වරුවේ වැටුප් විෂමතා පිළිබඳ සොයා බැලීමට කමිටු රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?