රජයේ රෝහල්වල සැත්කම් ප්‍රමාද කිරීමේ තීරණයක්

රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන සැත්කම් ප්‍රමාද කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය හා හදිසි සැත්කම් සාමාන්‍ය පරිදි සිදුකරන බව යි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.

හදිසි සැත්කම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසට සහ රෝහල්වල හදිසි නොවන සැත්කම් ප්‍රමාද කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.

පවතින මූල්‍ය අර්බුදය මත රජයේ රෝහල්වල සිදුකරන සැත්කම් සඳහා අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය ගෙන්වීමේ ප්‍රමාදයක් පවතින බවයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ.

එබැවින් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත අත්‍යවශ්‍ය සහ හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුවයි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන සෙසු සැත්කම් සිදුකිරීම පමා කිරීමට පියවර ගන්නා ලෙස ඇමැතිවරයා උපදෙස් දී ඇත්තේ.

අනෙකුත් ශල්‍යකර්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ක්‍රමානුකූලව සිදුකිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

මේවනවිට රට තුළ හිගව පවතින ඖෂධ වලින් සියයට 75කින් පමණ තවත් මාසයක පමණ කාලයක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම ඖෂධ තොග ලැබෙන තෙක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛතාව ලබාදී අනෙකුත් ශල්‍යකර්ම ක්‍රමානුකූලව සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?