රජයේ රෝහල්වල සැත්කම් ප්‍රමාද කිරීමේ තීරණයක්

රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන සැත්කම් ප්‍රමාද කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, අත්‍යාවශ්‍ය හා හදිසි සැත්කම් සාමාන්‍ය පරිදි සිදුකරන බව යි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

ඖෂධ සහ උපකරණ හිඟය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි සඳහන්.

හදිසි සැත්කම් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙසට සහ රෝහල්වල හදිසි නොවන සැත්කම් ප්‍රමාද කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබෙනවා.

පවතින මූල්‍ය අර්බුදය මත රජයේ රෝහල්වල සිදුකරන සැත්කම් සඳහා අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය ගෙන්වීමේ ප්‍රමාදයක් පවතින බවයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ.

එබැවින් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත අත්‍යවශ්‍ය සහ හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුවයි අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන සෙසු සැත්කම් සිදුකිරීම පමා කිරීමට පියවර ගන්නා ලෙස ඇමැතිවරයා උපදෙස් දී ඇත්තේ.

අනෙකුත් ශල්‍යකර්ම විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ක්‍රමානුකූලව සිදුකිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත්තේ.

මේවනවිට රට තුළ හිගව පවතින ඖෂධ වලින් සියයට 75කින් පමණ තවත් මාසයක පමණ කාලයක් ඇතුළත මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව එම ඖෂධ තොග ලැබෙන තෙක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සඳහා ප්‍රමුඛතාව ලබාදී අනෙකුත් ශල්‍යකර්ම ක්‍රමානුකූලව සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28