රජයේ රෝහලක සිදුකළ අපුරු කර්ණ සංඛ බද්ධ සැත්කම

උපතින්ම කන්දෙකෙහිම ශ්‍රව්‍යාබාධ සහිත අවුරුදු දෙකයි මාස හතරක් වයසැති කුඩා දැරියකට කන්දෙකෙහිම කර්ණ සංඛ බද්ධ සැත්කමක් ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේදී ඊයේ (7) සිදුකර තිබෙනවා. රජයේ ​රෝහලකදී කන් දෙක සඳහාම මෙවැනි ශල්‍ය කර්මයක් කළ ප්‍රථම අවස්ථාව මෙය බවයි “අරුණ” පුවත්පත වාර්තා කර සිටින්නේ.

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීවනී රූපසිංහගේ මැදිහත්වීමෙන් නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කනිෂ්ක ඉන්ද්‍රරත්න ඇතුළු වෛද්‍යවරුන් හා දහයකට ආසන්න සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් මෙම සැත්කමට දායක වී ඇත. පැය දහයකට ආසන්න කාලයක් සැත්කම සිදුකර තිබේ.

කර්ණ සංඛ බද්ධ සැත්කමේදී එක් කනක සැත්කම සඳහා භාවිත කරන උපකරණය රුපියල් ලක්ෂ 25ක් පමණ වෙයි. කන් දෙක සඳහාම උපකරණවලට රුපියල් ලක්ෂ 50ක් වැය වී තිබේ. පෞද්ගලික රෝහලකදී මෙම සැත්කම කිරීමේදී රුපියල් ලක්ෂ 75කට වැඩි මුදලක් වැය වෙයි. සැත්කම සඳහා අවශ්‍ය උපකරණ දැරියගේ දෙමාපියන් සපයා තිබේ. දැරිය කොළඹ ප්‍රදේශයේ පදිංචිය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය උපතින්ම කන් දෙකෙහි ශ්‍රව්‍යාබාධ සහිත දරුවන් සඳහා සැත්කම් කිරීමේදී එක් උපකරණයක් පමණක් නොමිලේ ලබාදෙයි. එම උපකරණය උපයෝගී කර ගනිමින් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා ​රෝහල හා ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල යන රෝහල්වලදී මෙතෙක් දරුවන්ගේ එක් කනක් පමණක් සැත්කම කර ඇත. එවැනි දරුවන් 1500කගේ සැත්කම් මේ වන විට සිදු කර ඇත. තවත් දරුවෝ 250ක් පමණ පොරොත්තු ලේඛනයේ සිටිති. නමුත් ලෝක සෞඛ්‍ය නිර්දේශය වන්නේ ශ්‍රව්‍යාබාධිත දරුවන්ගේ කන් දෙකෙහිම කර්ණ සංඛ බද්ධ සැත්කම එකවරම කළ යුතු බවයි.

( මුලාශ්‍ර : අරුණ පුවත්පත)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09