රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් තවත් අනුමැතියක්

අංක 2339/31 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළ 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබෙනවා.

මෙහිදී දීර්ඝ වශයෙන් කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරීව සිටින ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධ සාකච්ඡා වූ අතර මෙම සමාගම් ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවා. මෙහිදී අනාවරණය වූයේ මෙම සමාගම් ගිවිසුම් ගතවීමේදී ක්‍රම 3ක් යටතේ ගිවිසුම් ගතවී ඇති බවයි. එනම් වරාය නගරය සකස් කිරීමට පෙර, වරාය නගරය සකස්වන කාලසීමාව තුළ සහ වරාය නගරය සකස් කිරීමෙන් පසු ගිවිසුම් ගතවීම ලෙසයි.

මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම ගිවිසුම් ගතවීම කිසියම් නීතිමය පදනමක් යටතේ එක් ක්‍රමවේදයක් අනුව සිදුවී නොමැති බවයි. මේ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සති 4 ඇතුළත නීතිපතිවරයාගේ මතය විමසා මුදල් කාරක සභාව වෙත ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස නිර්දේශ කර තිබෙනවා.

මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම භූමිය තුළ මෙම සමාගම් සිදු කරන ඉදිකිරීම් ආදිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම වැදගත් වන බවයි.

මේ පිළිබඳ දීරඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අනුමතිය හිමි වුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

එසේම ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) හුවමාරු දෙකක් පවත්වාගෙන යාමට වරාය නගර කොමිසම අවසර දුන් බව මුදල් කාරක සභාවට දැනුම් දීමද මෙහිදී සිදු වුණා. මේ අනුව ඒ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විමසා මහ බැංකුවේ මතය ලබාගන්නා ලෙස මුදල් කාරක සභාව නිර්දේශ කිරීම සිදු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45
Video thumbnail
මවගෙන් වෙන්ව සිටි බිළිඳාව නැවත මව වෙතට ගෙන දුන් අපේ වීරයෝ
01:31
Video thumbnail
මුට්ට කරගහන එක නවත්තන්න..ඔයාලා විපක්ෂය නෙවෙයි..නලීන් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
14:42


?