රජයේ මුදල් පිළිබඳ කාරක සභාවෙන් තවත් අනුමැතියක්

අංක 2339/31 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කළ 2021 අංක 11 දරන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ සාදන ලද නියෝග සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමි වී තිබෙනවා.

මෙහිදී දීර්ඝ වශයෙන් කොළඹ වරාය නගරයේ ක්‍රියාකාරීව සිටින ව්‍යාපාරික සමාගම් 10 සම්බන්ධ සාකච්ඡා වූ අතර මෙම සමාගම් ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවා. මෙහිදී අනාවරණය වූයේ මෙම සමාගම් ගිවිසුම් ගතවීමේදී ක්‍රම 3ක් යටතේ ගිවිසුම් ගතවී ඇති බවයි. එනම් වරාය නගරය සකස් කිරීමට පෙර, වරාය නගරය සකස්වන කාලසීමාව තුළ සහ වරාය නගරය සකස් කිරීමෙන් පසු ගිවිසුම් ගතවීම ලෙසයි.

මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ මෙම ගිවිසුම් ගතවීම කිසියම් නීතිමය පදනමක් යටතේ එක් ක්‍රමවේදයක් අනුව සිදුවී නොමැති බවයි. මේ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සති 4 ඇතුළත නීතිපතිවරයාගේ මතය විමසා මුදල් කාරක සභාව වෙත ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස නිර්දේශ කර තිබෙනවා.

මෙහිදී කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙම භූමිය තුළ මෙම සමාගම් සිදු කරන ඉදිකිරීම් ආදිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම වැදගත් වන බවයි.

මේ පිළිබඳ දීරඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව අනුමතිය හිමි වුයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

එසේම ක්‍රිප්ටොකරන්සි (Cryptocurrency) හුවමාරු දෙකක් පවත්වාගෙන යාමට වරාය නගර කොමිසම අවසර දුන් බව මුදල් කාරක සභාවට දැනුම් දීමද මෙහිදී සිදු වුණා. මේ අනුව ඒ සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විමසා මහ බැංකුවේ මතය ලබාගන්නා ලෙස මුදල් කාරක සභාව නිර්දේශ කිරීම සිදු කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10