AFC Banner
Empty Ad
Empty Ad

රජයේ දොස්තරලා ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් හමුවෙයි

සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) පැවැත් වුණා.

බොරැල්ලේ පිහිටි සර්වජන බලය මූලස්ථානයේ දී අද (27) පෙරවරුවේ එම සාකච්ඡාව පවත්වා තිබෙනවා.

මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ නිලධරීන් විසින් දොළොස්වැදෑම් යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති අතර, එහි ඇති කරුණු පිළිබදව ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර අවදානය යොමුකර තිබෙනවා.

වෛද්‍යවරුන් රට හැර යෑම වැලැක්වීමේ පියවරක් ලෙස වෛද්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී වැටුප් ක්‍රමයක් මෙහිදී යෝජනා කළ බවත් ඒ, පිළිබඳව ජයවීර වැඩි අවදානයක් යොමු කළ බවයි වාර්තා වන්නේ.

මෙම සකච්ඡාවට පැමිණි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන්ට ජනාධිපති ධුර අපේක්ෂක දිලිත් ජයවීර විසින් රොටි වලින් සංග්‍රහයක් ද පිරිනමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?