රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (25) පෙරවරු 8.00 සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (24) රාත්‍රියේ සිදුකළ සකච්ඡාවකින් අනතුරුව මෙම වැඩ වර්ජනය අත්හිටුවීමටයි තීරණය කර ඇත්තේ.
මෙම සකච්ඡාවේ දී සිය ඉල්ලීම් ඉටුකිරීම සදහා අමාත්‍යවරයා ලබාදුන් ලිඛිත එකඟතාව මත වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියේ පවතින ගැටලු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම සංගමය අද (25) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණා.





