රජයේ ත්‍යාග අලෙවි කළ වරදට ඉම්රාන් ඛාන්ට සහ බිරිඳට වසර 17ක සිර දඬුවම්

පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ බුෂ්රා බිබී දූෂණ නඩුවකට අදාළව වරදකරුවන්ව සිටින අතර ඒ අනුව ඔවුන්ට පාකිස්ථාන අධිකරණයක් මඟින් වසර 17 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

2021 වසරේදී සවුදි රජයෙන් එවකට අගමැතිවරයා වූ ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වෙත ලැබුණු මිල අධික ඔරලෝසු, දියමන්ති සහ රත්තරන් ආභරණ කට්ටල ආදී වටිනා රාජ්‍ය ත්‍යාග, රජයේ ත්‍යාග ගබඩාව හෙවත් ‘තෝෂාඛානා’ වෙත බැර නොකර පෞද්ගලිකව අලෙවි කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා.

ඒ අනුව පාකිස්ථාන දණ්ඩ නීති සංග්‍රහයේ 409 වගන්තිය අනුව විශ්වාසය කඩ කිරීම සහ දූෂණ වැළැක්වීමේ පනත යටතේ ඔවුන් දෙදෙනාට වසර 17ක සිර දඬුවම් නියම වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?