ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක ඉවතට

ඉරාන තෙල් සඳහා පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, දැනට නැව්ගත කර ඇති ඉරාන තෙල් සඳහා දින 30ක කාලයක් සඳහා සම්බාධක ඉවත් කරන බවයි.

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම කෙටි කාලීන අවසරය ගෝලීය වෙළඳපොළට තෙල් බැරල් මිලියන 140ක් පමණ ඇතුළු වීමට ඉඩ සලසන බවයි භාණ්ඩාගාර ලේකම්වරයා පවසන්නේ.

යුද්ධය ආරම්භ වූ දා සිට සහ ඉරාන ප්‍රහාර මැද පෙරදිග බලශක්ති යටිතල පහසුකම්වලට එල්ලවීමෙන් පසුව තෙල් සහ ගෑස් මිල තියුණු ලෙස මිල ඉහළ ගොස් තිබෙනවා.

  1. රටවල්වලට සම්‍බාධක පනවන්න ඇමරිකාව කවුද ? එකතු වෙලා උන්ට ගහපිය, යුධ ශක්තියෙන් තන්වෙනි තැන ඉන්නෙ, නැති බලයක් පෙන්වන්නෙ. ගුටි කන්න වෙයි කියන බයට මහල්ලා යුද්ධ විරාමයක් ගෙනාවෙ.පච වෙලා ඉන්නෙ……



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11