ගෙවල්වල මිනි ෂෙඩ් කරගෙන ගිය පිරිසක් ප්‍රදේශ කිහිපයකින් අත්අඩංගුවට

බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන සිටි, අලෙවි කළ සහ ප්‍රවාහනය කළ සැකකරුවන් කිහිප දෙනෙක් පොලිසිය විසින් ප්‍රදේශ කිහිපයක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අනුව හංවැල්ල පොලිස් වසමේ ඇමුල්ගම ප්‍රදේශයේ දී බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 645ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් හංවැල්ල පොලිසිය විසින් අත්ඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

තොරතුරක් මත සිදුකළ වැටලීමක් දී මෙම සැකකරු ඊයේ (20) පස්වරුවේ අත්ඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 31ක වන ඇමුල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර පෙට්‍රල් ලීටර් 18ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මීගමුව පොලිස් වසමේ අක්කර 50 සහ දළුපොත ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 51 සහ 53 වයස්වල පසුවන අක්කර 50 සහ දළුපොත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

එමෙන්ම බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබාගෙන විකිණීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසනවා.

සැකකරු සන්තකයේ තිබී පෙට්‍රල් ලීටර් 35යි මිලිලීටර් 500ක් සොයාගෙන ඇති අතර, ඔහු එම ඉන්ධන අලෙවි කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක බෝසිරිපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

මේ අතර ඩීසල් ලීටර් 2000ක් අඩංගු බැරල් 10ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ඊයේ (20) දින අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

කොටහේන පොලිස් වසමේ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ දී බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 25ක කැටඹුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56