පාකිස්තාන අගනුවරින් කිතුණුවන් ඉවත් කරන බවට චෝදනාවක්

පකිස්තානයේ ෆෙඩරල් අගනුවර වන ඉස්ලාමාබාද්හි, අවිධිමත් ජනාවාසවල ජීවත් වන ක්‍රිස්තියානි පවුල් දහස් ගණනක් පවසන්නේ බලධාරීන් පසුගිය සතියේ පදිංචිකරුවන්ට රජයේ ඉඩම්වලින් ඉවත් වන ලෙස වාචික නියෝග නිකුත් කළ බවයි.

තීරණයට එරෙහිව විරෝධතා ආරම්භ වී ඇති අතර දැනටමත් ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවක් අවතැන් විය හැකි බවට මානව හිමිකම් උපදේශකයින් කනස්සල්ල පල කරනවා.

ඉස්ලාමාබාද් කළමනාකරණය සඳහා වගකිව යුතු නාගරික ආයතනය වන අගනුවර සංවර්ධන අධිකාරිය (CDA) විසින් මෙම අනතුරු ඇඟවීම් නිකුත් කරන ලද අතර, H-9/2 අංශයේ රිම්ෂා ජනපදය සහ G-7 අංශයේ ෂාපර් ජනපදය ඇතුළු නගරය පුරා ජනාවාස කිහිපයකට එය බලපානවා.

දශකයකට වැඩි කාලයක් එහි ජීවත් වූ අඩු ආදායම්ලාභී ක්‍රිස්තියානි පවුල් විශාල සංඛ්‍යාවක් මෙම ප්‍රදේශ දෙකෙහිම වාසය කරනවා.

මෙම නිවේදන මගින් වසර ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් ඉදිකරන ලද නිවාස අහිමි වේ යැයි බියෙන් සිටින පවුල් අතර භීතියක් ඇති කර ඇති බවයි පදිංචිකරුවන් පවසන්නේ.

ෆෙඩරල් අගනුවර වන ඉස්ලාමාබාද්හි පරිපාලන අධිකරණ බලය ද ඇති පකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, දැනට ක්‍රියාත්මක වන ඉවත් කිරීමේ මෙහෙයුම කිසිදු විශේෂිත සුළුතර කණ්ඩායමකට යොමු කර නොමැති බවත්, අගනුවර පුරා නීති විරෝධී ජනාවාසවලට එරෙහි පුළුල් ක්‍රියාමාර්ගයක කොටසක් බවත්ය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44