රජයට බිලියන 5ක බදු අහිමි කළ වාහන ජාවාරම (වීඩියෝ)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ දත්ත වෙනස් කර සිදුකර ඇති වංචනික රථවාහන ලියාපදිංචි කිරීම් හේතුවෙන් රජයට ලැබිය යුතු රුපියල් බිලියන 05ක් පමණ වන බදු ආදායමක් අහිමි කර ඇති බවට දසත නිවුස් වෙත තොරතුරු වාර්තා වනවා.

මෙම මහා පරිමාන මුල්‍ය වංචාව පිළිබඳ තොරතුරු හෙළිවී ඇත්තේ වංචනික ලෙස ලියාපදිංචි කරන ලද රථවාහන 400 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අරඹා ඇති විමර්ශණ මාලාවකදීයි.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර නිසි රේගු නිෂ්කාෂනයකින් තොරව මෙරටට ආනයනය කර ලියාපදිංචි කළ මිනිකූපර් වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර තිබුනා.

ඒ් විමර්ශනයේදී හෙළිවුයේ අදාල මෝටර් රථය 2007 වර්ෂයේ KE – 3845 දරණ අංකය යටතේ ලියාපදිංචි කළ සීග්‍රා වර්ගයේ සුක්කානම සහිත ත්‍රීරෝද රථයක දත්ත අවභාවිත කර ලියාපදිංචි කර ඇති බවටයි.

ඉතා සුක්ෂම ලෙස සිදුකර තිබු මෙම වංචාවේ තොරතුරු හෙළිදරව්වීම වැලැක්වීම සදහා ත්‍රීරෝද රථයට අදාල තොරතුරු දත්ත අස්ථාන ගත කිරීමටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබුනා.

මේ සම්බන්ධයෙන් විමර්ශනය කළ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒ්කකයේ නිලධාරින් විසින් නීති විරෝධී ක්‍රියාවට සම්බන්ධ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පස් දෙනෙකු ඇතුළු සැකකරුවන් හත්දෙනෙකුට එරෙහිව පසුගියදා කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කළා.

අදාල විමර්ශනය සිදුකිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යායුතු ලේඛන අස්ථාන ගත කර තිබීම හේතුවෙන් විමර්ශකයින්ට බාධා රැසක් ඒල්ල වුණා.

කෙසේ වෙතත්, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පරිගණක දත්ත ජාලයට ඇතුළු වු විමර්ශන නිලධාරීන් මේ සම්බන්ධයෙන් සියළු තොරතුරු අනාවරණය කර ගැනීමටයි සමත් වුනේ.

මෙලෙස රථ වාහන ලියාපදිංචි වංචාවක් අනාවරණය කර ගැනීම සදහා මෝටර් රථවාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභයන්තර පරිගණක දත්ත පද්ධතියට විමර්ශකයින් පිරිසක් ඇතුළු වු ප්‍රථම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයක්.

අනීතික ලෙස දත්ත වෙනස් කළ මෙම මිනි කූපර් රථය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කළ දිනය සම්බන්ධයෙන් සිදු කළ වැඩිදුර විමර්ශනවලදී නිලධාරීන්ට හෙළි වී ඇත්තේ අදාල රථය ඒම කාලසීමාව තුල දී වෙනත් රටක භාවිත කරමින් තිබු බවටයි.

ඒමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉතා සංවිධානාත්මක ලෙස වාහන අමතර කොටස් ගෙන්වන පුද්ගලයන් සමග ද සම්බන්ධ වී මෙම අනීතික ක්‍රියාව සිදුකර ඇති බවට මෙම විමර්ශනයේදී හෙළිවීමත් තවත් සුවිශේෂී කාරණයක්.

විමර්ශන නිලධාරීන් විසින් සිදු කළ දීර්ඝ විමර්ශනය කින් පසුව මෙම මිනි කූපර් රථය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත වැඩිදුර රේගු විමර්ශන සදහා පසුගිය අගෝස්තු මස 29 වැනි දින භාර දී තිබෙනවා.

ඒම විමර්ශන කටයුතු නිමවීමෙන් අනතුරුවයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වැඩසටහන් සම්පාදක කේ‌.කේ.රෝහිත සමරවීර,එහි හිටපු කොමසාරිස් දැනට ඉඩම් කොමසාරිස් ජනරාල් කේ.ඩී.බන්දුල ජයසිංහ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සංවර්ධන හා විමර්ශන සහකාර නීතීඥ ඒම්.ඒ්.උපුල් ප්‍රියන්ත ද සිල්වා, විමර්ශන සහකාර ඒම්.ඒම්. කේමන්ත මුත්තුංග, ලිපිකරු ජී.චන්න රෝහිත, රන්දි මෝටර්ස් මැටියගනේ පදිංචි ඩී.ඒම්.ධර්මරත්න බණ්ඩා, කොලොන්ගස් යාය මැටියගනේ පදිංචි ඩබ්.ඒම් අජිත් කුමාර වලිසුන්දර යන සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා 60 ක් යටතේ කොළඹ මහාධිකරණයේ චෝදනා ගොනුකෙරුණේ.

ඒ් සාවද්‍ය තොරතුරු සපයා මෝටර් රථයක් ලියාපදිංචි කර ශ්‍රී ලංකා රජයට රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් පාඩු කිරීම සම්බන්ධයෙන්.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒ්කකයේ නිලධාරින් විසින් තවත් ඒ් ආකාරයටම ලියාපදිංචි කළ රථවාහන 400 කට ආසන්න සංඛ්‍යාවක තොරතුරු හෙළිදරව් කර ගෙන තිබෙනවා.

මෙම මහා පරිමාන වංචනික, අනීතික ලියාපදිංචි කිරීම් හරහා ශ්‍රී ලංකා රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් බිලියන 05කට අධික බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08