රජයට අයත් වාහන තොගයක් විකිණීමට ටෙන්ඩර් කැඳවයි (ඡායාරූප)

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට අයත් භාවිතා කළ වාහන විකිණීම සඳහා සුදුසුකම්ලත් ටෙන්ඩර්කරුවන්ගෙන් මුද්‍රා තබන ලද මිල ගණන් කැඳවන බවට නිවේදනය කර තිබෙනවා.

මෙම විකිණීම සඳහා වෙන් කළ වාහන නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය සතියේ දී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහ අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ද පැමිණියා.

මෙම වාහන විකිණීමේ ගොන්නට සුඛෝපභෝගී වාහන 16ක්, අනෙකුත් වාහන 03ක් හා අබලි වාහන 03ක් ඇතුළත්.

ටෙන්ඩරයට සහභාගී වීමට සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලාංකික පුරවැසියන් හෝ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් හෝ සංවිධාන පමණක් බව ද අමාත්‍යාංශ නිවේදනයේ දැක්වෙනවා.

ජාතික හැඳුනුම්පතේ (NIC) හෝ සමාගමේ හෝ සංවිධානයේ ලියාපදිංචි සහතිකයේ සහතික කළ පිටපතක් ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට අමුණා තිබිය යුතුයි.

මේ සඳහා උනන්දුවක් දක්වන ටෙන්ඩර්කරුවන්ට දූරකථන අංක 011 -2186076 වෙත අමතා ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාලන) හෝ ප්‍රවාහන නිලධාරී අමතා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකියි.

අද (16) දින සිට 2025 ජුලි මස 07 දින දක්වා කාර්යාල දිනයන්හි දී පෙව 10.00 සිට පව 1.00 දක්වා එකී වාහන පරීක්ෂා කර බැලිය හැකි බවත් සඳහන්.

20250529 101315 scaled
0T0A0715 2 scaled
0T0A0507 2 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48


?