රක්ෂණ සංස්ථාව සමාගම් 02ක් වශයෙන් වෙන් කිරීමේ කැබිනට් තීරණයට එරෙහිව පෙත්සමක්

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල විසින් ගෙන තිබෙන තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ඉල්ලා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා පොදු සේවකයින්ගේ වෘත්තීය සමිතියේ මහ ලේකම් උදයංග රත්න දිවාකර විසින් ඊයේ (01) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළා.

නීතීඥ මංජුල බාලසූරිය මාර්ගයෙන් ගොනුකළ එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අගමැති දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ එහි අධ්‍යයක්ෂ මණ්ඩලය ඇතුළු 56 දෙනෙකු නම් කර සිටිනවා.

පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමාගම් දෙකකට වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණයක කර ඇති බව තමාට දැන ගැනීමට ලැබුණු බවයි.

රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ඉකුත් අප්‍රේල් මස 25 වනදා නිකුත් කළ ලිපියක ද ඒ බව සඳහන් කර ඇති බවත් ඔහු කියා සිටියා.

එම තීරණය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගෙන නොමැති බවත් පාර්ලිමේන්තුව අනුමැතිය ලබාගැනීමකින් තොරව මෙවැනි තීන්දුවක් ගැනීමට අමාත්‍ය මණ්ඩලයට නීත්‍යානුකූල හිමිකමක් නොමැති ඔහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවත් එමඟින් ජනතාවට විශාල සුභ සිද්ධියක් සැලසෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

ඒ ,අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමාගම් දෙකක් වශයෙන් වෙන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියි.

ඊට අමතරව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වත්කම් සහ දේපල අලුතින් ස්ථාපිත කිරීමට යෝජිත සමාගම් දෙකකට වෙන්කර ලබාදීම වළක්වාලමින් එහි අධ්‍යයක්ෂ මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

එමෙන්ම අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් අයැද සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?