AFC Banner
Empty Ad
Empty Ad

රක්වානේ ලැඟුම්හලක් තුළ ඛේදවාචකයක්

රක්වාන ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරයක් තුළ පිහිටි නාන කාමරයක එල්ලෙමින් තිබියදී තරුණියකගේ මළ සිරුරක් තිබෙනවා.

රක්වාන පොලිසිය පැවසුවේ අදාළ මළ සිරුර ඊයේ (04) පස්වරු හයට පමණ සොයාගත් බවයි.

22 හැවිරිදි වියේ පසුවූ අදාළ තරුණිය සිය පෙම්වතා බව කියන 23 හැවිරිදි තරුණයෙකු සමඟ රක්වාන, පනාවල ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලකට ඊයේ (04) පස්වරුවේ ගොස් එහි කාමරයක් වෙන්කරවාගෙන තිබෙනවා.

එහිදී තරුණයා සිය පෙම්වතිය කාමරයේ තබා ආහාර රැගෙන යාමට යළි ලැඟුම්හලෙන් පිටතට පැමිණ ඇති බවයි අනවරණය වී ඇත්තේ.

ආහාර රැගෙන යළි ලැඟුම්හල් කාමරය වෙත පැමිණි පෙම්වතාට දැකගත හැකිව ඇත්තේ තරුණිය ඇඳ සිටි ඇඳුමේ කොටසකින් නානකාමරේ එල්ලී සිට ආකාරයයි.

අනතුරුව තරුණයා විසින් ඒ පිළිබඳව ලැඟුම්හලේ සේවකයින්ට ඒ පිළිබඳව දන්වා ඔවුන්ගේ ද සහාය ඇතිව ඇය කහවත්ත රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාව වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම තරුණිය සියදිවි නසා ගත්තා ද නැතහොත් කිසියම් අපරාධයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව රක්වාන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
41
+1
37
+1
34
+1
130
+1
20
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?