රක්වානේ ලැඟුම්හලක් තුළ ඛේදවාචකයක්

රක්වාන ප්‍රදේශයේ ලැඟුම්හලක කාමරයක් තුළ පිහිටි නාන කාමරයක එල්ලෙමින් තිබියදී තරුණියකගේ මළ සිරුරක් තිබෙනවා.

රක්වාන පොලිසිය පැවසුවේ අදාළ මළ සිරුර ඊයේ (04) පස්වරු හයට පමණ සොයාගත් බවයි.

22 හැවිරිදි වියේ පසුවූ අදාළ තරුණිය සිය පෙම්වතා බව කියන 23 හැවිරිදි තරුණයෙකු සමඟ රක්වාන, පනාවල ප්‍රදේශයේ පිහිටි ලැඟුම්හලකට ඊයේ (04) පස්වරුවේ ගොස් එහි කාමරයක් වෙන්කරවාගෙන තිබෙනවා.

එහිදී තරුණයා සිය පෙම්වතිය කාමරයේ තබා ආහාර රැගෙන යාමට යළි ලැඟුම්හලෙන් පිටතට පැමිණ ඇති බවයි අනවරණය වී ඇත්තේ.

ආහාර රැගෙන යළි ලැඟුම්හල් කාමරය වෙත පැමිණි පෙම්වතාට දැකගත හැකිව ඇත්තේ තරුණිය ඇඳ සිටි ඇඳුමේ කොටසකින් නානකාමරේ එල්ලී සිට ආකාරයයි.

අනතුරුව තරුණයා විසින් ඒ පිළිබඳව ලැඟුම්හලේ සේවකයින්ට ඒ පිළිබඳව දන්වා ඔවුන්ගේ ද සහාය ඇතිව ඇය කහවත්ත රෝහලට රැගෙන ගොස් තිබෙනවා.

එම අවස්ථාව වන විටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

මෙම තරුණිය සියදිවි නසා ගත්තා ද නැතහොත් කිසියම් අපරාධයක් සිදුව ඇත්ද යන්න පිළිබඳව රක්වාන පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
41
+1
37
+1
34
+1
130
+1
20
+1
37
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03